Android ජංගම දුරකතනයක් තියෙන ඔයාට අවශ්‍ය වෙන Secret Codes (පළවෙනි කොටස)

Android ජංගම දුරකතනයක් තියෙන ඔයාට අවශ්‍ය වෙන Secret Codes (පළවෙනි කොටස)

මේ ආටිකල් ටිකෙන් මං ඔයාලට අරගෙන එන්නේ Android මෙහෙයුම් පද්ධති වලට ආවේණික වූ dial pad codes වලින් වෙන දේවල් සහ ඒකේ තියන අමුතු අමුතු වැඩකෑලි ගැනයි.

ඉතින් අද මං මුලින්ම ඔයාලට ගෙනාවේ Samsung වලටම ආවේණික වූ කෝඩ් එකක් ගැනයි. ගොඩ දෙනෙක් මේ වෙනකොටත් Samsung දුරකථන පාවිච්ච් කරනවනේ. අන්න ඒ අයට සහ Samsung phone එකක් ගන්න බලන් ඉන්න අයටත් මේ code එක වටිනවා. ඒ මොකද කිව්වොත් මේ code එකෙන් පුලුවන් ඔයාගේ Samsung phone එකේ තියන සියලුම sensors, Buttons, touchscreen, speakers සහ display quality යන දේවල් හරියටම වැඩද කියල බලාගන්න. ඒ අනුව කිසිම software එකක් නොදා අපිට බලාගන්න පුලුවන් මේ හැම එකක්ම හොදටම වැඩ කරනවාද කියල.

හරි මෙන්න මේක තමයි කෝඩ් එක.

*#0*#


ඔයා මේ code එක කෝල් ගන්න dial pad එකේ ගහපු ගමන්ම ඔයාට මේ menu එකට එන්න පුලුවන්. ඉතින් ඔයාට දැන් පුලුවන් මේ තියන එක එක menu select කරලා ඒවයින් වෙන දේවල් හරියටම වෙනවද කියල බලාගන්න.

HwModuleTest menu

දැන් අපි sensor කියන එකට ගියාම අපේ දුරකථනයේ තියන සේරම සෙන්සර් ටික මෙතනින් බලාගන්න පුලුවන්. ඒවා හරියට වැඩ කරනවද කියලත් අපිට ඒ අවශ්‍ය විදියට දුරකථනය එහා මෙහා කරලා බලාගන්න පුලුවන්. ඒ වගේම ඔයාගේ දුරකථනයට අවේණික වූ සෙන්සර් තියෙනවනම් ඒවත් මෙතනින් බලාගන්න පුලුවන්.

Sensors Menu

මේකේ තියන touch  කියන තැනට ගියපසු අපිට බලාගන්න පුලවන් කොටු ටිකක්. ඒ මගින් අපිට ඒවා උඩ අතින් ඇදලා බලන්න පුලුවන් touch එක හරියටම ඒ අදාල තැන වැඩ කරනවද කියල.

Touch test

මේකේ තියන sub key එක ඇතුලට ගිහින් ඔයාගේ දුරකථනයේ තියන බටන් ටික එබුවම ඔයාට බලාගන්න පුලුවන් display එකේ තියන පාට වෙනස් වෙනවා. ඒ හැම button එකකටම අදාල පාටක් තියන නිසා buttons සියල්ල නිවැරදිව වැඩ කරනවද කියල බලන්න මේක හොද තැනක්.

මේ වගේ දුරකථයේ ඇති කැමරාව, speakers, frequency, vibration ආදියද ඉතාම පහසුවෙන් පරික්ෂා කිරිමට පුලුවන්.

එහෙනම් තවත් වටින code එකකින් ආයෙත් හමුවෙමු. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara