iSheepsලට වඩා Android Fanboysලගෙ පක්ෂපාතීත්වය වැඩි බව අලුත්ම සමීක්ෂණයක් හරහා හෙලි වෙයි

iSheepsලට වඩා Android Fanboysලගෙ පක්ෂපාතීත්වය වැඩි බව අලුත්ම සමීක්ෂණයක් හරහා හෙලි වෙයි

Smartphone brands ලෝකයේ දිගම කාලයක ඉඳන් එන වලිය මොකක්ද කියලා ඇහුවොත් අනිවාරෙන් උත්තරේ වෙන්නේ iOS vs. Android යුද්දෙ. තවත් විදිහකට isheeps vs. Android fanboys කියලත් කියනවා. කොහොමින් කොහොම උනත් customers ලගෙ loyalty එක ගැන කතා කරද්දී කාලයක ඉඳන්ම Appleලා ඉස්සරහින් හිටියා. ඒකට ගොඩක්ම හේතුව උනේ Apple ecosystem එක සහ softwares. ඉතින් දැන් පලවෙලා තියෙන අලුත් ම වාර්තාවකට අනුව කියවෙන විදිහට Apple fans ලට වඩා Android fansලා ඔවුන්ගේ Android smartphone brands වලට පක්ෂපාතී වෙනවා කියලයි.

පාරිභෝගික බුද්ධි තොරතුරු පර්යේෂණ ආයතනය එහෙමත් නැතිනම් Consumer Intelligence Research Partnership (CIRP) එක නිකුත් කරලා තියෙන report එකකට අනුව Android fans ලා වැඩි loyalty එකක් පෙන්නුම් කරමින් iOS device එකට switch නොවී ඒ වෙනුවට වෙන specific Android brand එකකට switch වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. මේ ආයතනය ගැන කියනව නම්, දිගු කාලයක ඉඳන් ම ක්ෂේත්‍රයේ කාලයෙන් කාලයට මතු වන විවිධ trends ගැන මැන බලන්න user data එකතු කරමින් ඒවා විශ්ලේෂණය කරන් ආයතනයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

Source - CRIP (PDF Report 180kb)

මොවුන් collect කරගෙන තියෙන user data වලට අනුව Android device එකක් ගන්න users ලගෙ percentage එක iOS users ලට වඩා වැඩි අගයක් ගන්නවා. Android users ලගෙ brand loyalty එක සීයට අනූ එකක් විදිහට සඳහන් වෙද්දී iOS users ලගෙ සඳහන් වෙන්නේ සීයට අසූ හයක් විදිහටයි.

ඉතින් මේ වගේ reports වල තියෙන ප්‍රශ්නේ තමා මේවා සැලකිල්ලට ගන්නේ "Brand” loyalty එක මිසක් "OS” loyalty එක නෙමේ කියන දේ. iOS කියන operating system එක තියෙන්නේ Apple devices වලට විතරයි ඒත් Android එහෙම නෑ.

ඉතින් මේ අනුව iOS user කෙනෙක් තමන්ගේ ඊලඟ device එක විදිහට iOS එකක් ගන්න එකට වඩා Android user කෙනෙක් තම ඊලඟ device එක විදිහට Android device එකක් මිල දී ගැනීමේ possibility එක වැඩි වෙනවා.

කෙසේ වෙතත් Apple සමාගම සහ Google සමාගම තමන්ගේ customer base එක රැකගන්න කරන තරඟය ඉස්සරහට ගොඩක් තීව්‍ර වෙනවා කියලා නම් විශ්වාසයි. ඉතින් මේ වෙද්දී iOS සහ Android කියන operating system වල ගොඩක් අලුත් අලුත් features කාලෙන් කාලයට නිකුත් වෙන්නෙත් මේ තියෙන තරඟයේම ප්‍රතිඵලයක් හැටියටයි.

Source - CRIP (PDF Report 180kb), Forbes, Gizchina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara