ක්‍රියාවිරහිතව තිබියදි පවා දුරකථනය සොයා ගැනීමේ හැකියාව Pixel 8 Series එක සඳහා ලබා දෙයි

Google Pixel 8 සහ Google Pixel 8 Pro දුරකථන සදහා ක්‍රියා විරහිත වුවද Find My Device විශේෂාංගය හොදින් වැඩ කිරීමේ පහසුව ලබා දී තිබෙනවා.

ක්‍රියාවිරහිතව තිබියදි පවා දුරකථනය සොයා ගැනීමේ හැකියාව Pixel 8 Series එක සඳහා ලබා දෙයි

ඔබත් Android පරිශීලකයෙක් නම් ඔබ තම දුරකථනය නැති වීම පිළිබදව වැඩි බියක් නොදක්වන්නේ Android විශ්වයේ සිට ඔබ දෙස බලා සිටින දෙවියා Find My Device විශේෂාංගය නිසා කීවොත් එය නිවැරදිය.

නමුත් මෙහි ඇති අවාසනාවන්තම දෙය නම් Find My Device විශේෂාංගය ක්‍රියාත්මක වන්නේ තමන්ගේ Android උපාංගය ක්‍රියාත්මක අවස්ථාවේ පමණක් වීමයි. කෙසේ වෙතත් මෙයට පිළියමක් ලෙස Google සමාගම විසින් ඔවුන්ගේ Google Pixel 8 සහ Google Pixel 8 Pro දුරකථන සදහා ක්‍රියා විරහිත වුවද Find My Device විශේෂාංගය හොදින් වැඩ කිරීමේ පහසුව ලබා දී තිබෙනවා. ඒ වගේම මෙය එසේ ක්‍රියාත්මක වන්නේ ඔබගේ දුරකථනය Android 15 සදහා යාවත්කාලීන කර තිබේ නම් පමණයි.

Find My Device විශේෂාංගය ක්‍රියාත්මක වන්නේ එකිනෙකට සම්බන්ධ වූ Bluetooth Beacons වෙත Broadcast කිරීමක් ඔස්සේයි. එය සෑම විටම Bluetooth Beacons හරහා තම දුරකථනය අවට තිබෙන Find My Device විශේෂාංගය ඇති අනෙකුත් දුරකථන සමග සම්බන්ධ වේ. එහිදී එම දුරකථනයේ නිවැරදි ස්ථානය, අනෙක් දුරකථනය හරහා ලබා ගත හැකි අතර එය ලබා ගත හැක්කේ එම දුරකථනයේ Encryption Key එක හිමි පුද්ගලයින්ට පමණක් වේ.

නමුත් උපාංගයක් ක්‍රියා විරහිත වීමේදී Bluetooth Beacons හට ලැබෙන බලය ඇනහිටීමෙන් එයද ක්‍රියාත්මක නොවේ. එහිදී අප මුලින් සදහන් කල ලෙස දුරථනය අවට ඇති අනෙක් උපාංග සමග සම්බන්ධ විමේ අවස්ථාව එම දුරකථනයට හෝ උපාංගයට අහිමි වේ. එම ගැටළුව විසදීම සදහා Google සමාගම විසින් Precomputed Bluetooth Beacons සහිත "Powered Off Finding" නම් වැඩිදියුණු කිරීමක් අත්හදා බලමින් සිටී. එමගින් දුරකථනය ක්‍රියාත්මක විට මෙන්ම ක්‍රියා විරහිත විටත් ක්‍රියාත්මක කරන විශේෂාංගයක් බවට Find My Device පත් වේ.

නමුත් මෙම වැඩිදියුණු කිරීම සෑම Android උපාංගයකටම ලබා දිය නොහැකි වීම අවාසනාවට කරුණක්‍ ය. කිමද Precomputed Bluetooth Beacons වෙනම Hardware උපාංගයක් ලෙස එක් කල යුතු අතර දුරකථනයේ අනෙකුත් Hardware උපාංගද ඒ සඳහා සහාය විය යුතුය.

උදාහරණයක් ලෙස Precomputed Bluetooth Beacons ස්ථානගත කිරීම සදහා දුරකථනයේ Hardware Abstraction Layer (HAL) ඒ හා සහය දැක්විය යුතුයි. එසේම Precomputed Bluetooth Beacons සදහා නවතම Android 15 යාවත්කාලීන කිරීම අවශ්‍ය වන අතර ඒ තුල Powered Off Finding System APIs සහ Bluetooth Finder HAL Toggle කිරීමට අවශ්‍ය Features ද ඇතුලත් වේ. එම Features Android 15 වලට පෙර දැකිය නොහැකිය.

ඉතින් තම Android උපාංග වල ආරක්ෂාව මේ විශේෂාංගය නිසාවෙන් පාරිභෝගිකයන්ට තවත් සහතික වන අතර ඉදිරියේදී පැමිණීමට නියමිත Android 15 සහිත බොහෝ උපාංග සදහා මෙම විශේෂාංගය පැමිණේවි යැයි අප විශ්වාස කරමු.

Source: www.theverge.com www.androidpolice.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara