Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවන අතර Honor, iQOO, Lenovo, Nothing, OnePlus, OPPO, Realme, Sharp, Tecno, vivo සහ Xiaomi සමාගම්වල Smartphones, Tablets මෙන්ම Folding Devices ඔස්සේද ලබා ගත හැකි වනවා.

මොවුන්ගේ Release Timeline එකට අනුව මිළග Beta සංස්කරණය එළඹෙන ජුනි මාසයේ පමණද, අවසන් Beta සංස්කරණය ජුලි මාසයේ පමණද අපේක්ෂා කළ හැකියි.

Google releases Android 15 Beta 2 with Private space and better large-screen multitasking

මේ සඳහා සුදුසුකම් සපයනු ලබන ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක් පහතින් දක්වා ඇත.

image source - Android-developers
  • Honor - Honor Magic 6 Pro සහ Honor Magic V2
  • Lenovo - Lenovo Tan Extreme
  • Nothing - Nothing Phone (2a)
  • OPPO - OPPO Find N3
  • realme - realme 12 Pro+ 5G
  • Xiaomi - Xiaomi 14, Xiaomi 13T Pro සහ Xiaomi Pad 6S Pro 12.4
  • OnePlus - OnePlus 12 සහ OnePlus Open
  • vivo - vivo X100
Source: Android-developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna