Android 14 Stable Version එක නුදුරේදීම නිකුත් වනු ඇති බවට තොරතුරු වාර්තා වේ

ඔබ මේ වන විටත් දන්නවා ඇති Android 14 මේ වසරේදී නිකුත් වීමට නියමිතව ඇති බව.

Android 14 Stable Version එක නුදුරේදීම නිකුත් වනු ඇති බවට තොරතුරු වාර්තා වේ

ඔබ මේ වන විටත් දන්නවා ඇති Android 14 මේ වසරේදී නිකුත් වීමට නියමිතව ඇති බව. ඒ අනුව ඔවුන් විසින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණ පළමු developer preview එක නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම නිකුත් කිරිමේ සිට අවසන් වරට පසුගිය සැප්තැම්බර් 06 වන දින Android 14 beta 5.3 සංස්කරණය නිකුත් කළ අතර මේ වන විට නිකුත් වු සියලු සංස්කරණයන් පහත අයුරු වනවා.

  • February 8, 2023 — Android 14 DP1
  • March 8, 2023 — Android 14 DP2
  • April 12, 2023 — Android 14 beta 1
  • April 26, 2023 — Android 14 beta 1.1
  • May 10, 2023 — Android 14 beta 2
  • May 25, 2023 — Android 14 beta 2.1
  • June 7, 2023 — Android 14 beta 3
  • June 14, 2023 — Android 14 beta 3.1
  • July 11, 2023 — Android 14 beta 4
  • July 27, 2023 — Android 14 beta 4.1
  • August 10, 2023 — Android 14 beta 5
  • August 18, 2023 — Android 14 beta 5.1
  • August 25, 2023 — Android 14 beta 5.2
  • September 6, 2023 — Android 14 beta 5.3

ඒ අනුව මීළගට නිකුත් වීමට ඇති සංස්කරණය බොහෝ දුරට Stable සංස්කරණය විය හැකි වනවා. ඒ අනුව එළඹෙන සති කිහිපය තුළ Google සමාගම විසින් Android 14 Stable සංස්කරණයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි. සමහර විට මෙය ඔක්තෝබර් මුල් සති කිහිපය දක්වාත් කල් යාමේ හැකියාව පවතින බවටත් තොරතුරැ වාර්තා වනවා.

Source: androidauthority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna