මේ වසරේ නිකුත් වීමට නියමිත නවතම Android සංස්කරණය වන Android 14 හි ප්‍රථම Developer preview එක නිකුත් ​වේ

Google සමාගම විසින් Android 14 හි පළමු Developer Preview එක මේවන විට නිකුත් කර ඇති අතර එය Android 14හි පළමු build එක වනවා.

Android 14 logo via Android Developers Blog

Google සමාගම විසින් සෑම Android Version එකක්ම ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට අකුරකින් පටන් ගන්නා රසකැවිල්ලක නමින් හඳුන්වන බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මේ Android 14 සංස්කරණය හඳුන්වනු ලබන්නේ Upside Down Cake ලෙසයි.

Android 14 Developer Preview එක නිකුත් කර ඇති දුරකථන ලැයිස්තුව

ඔබගේ Pixel දුරකතනයට මෙවැනි Developer Previews සාමාන්‍ය update එකක් ලෙසින් නොලැබෙන අතර ඉහතින් ඔබගේ දුරකතනයට අදාළ Image File එක download කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

⚠️
කෙසේවෙතත් මෙවැනි Developer Previews වල නොයෙකුත් bugs තිබිය හැකි අතර ඔබ එදිනෙදා භාවිතා කරන දුරකතනයට මෙවැනි සංස්කරණ ස්ථාපනයෙන් වළකින ලෙස අප ඔබට මතක් කර සිටිනවා.

Android 14හි විවිධ Builds නිකුත් විය හැකි කාලවකවානු

මෙම සටහනට අනුව Pixel දුරකථන සඳහා පළමු Beta Release එක අප්‍රේල් මාසයේදී බලාපොරොත්තු විය හැකි අතර ජූලි මාසයේදී Pixel දුරකථන සඳහා Stable Version එක නිකුත් කිරීමෙන් පසු අනෙකුත් Smartphones සඳහා ද ඔවුන්ගේ Custom Android Skin එකත් සමඟම Android 14 බලාපොරොත්තු විය හැකි වනවා.

Android 14හි නව විශේෂාංග සහ Android 14 සඳහා සහාය දක්වන දුරකතන පිළිබඳව දැන ගැනීමට Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: 9to5google.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara