Tiramisu අගොස්තුවල නිකුත් වෙයිද?

Tiramisu අගොස්තුවල නිකුත් වෙයිද?

ඔබට මතක ඇති පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදි පමණ Android මෙ⁣හෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Android 12 නිල වශයෙන් Google සමාගම විසින් නිකුත් කරනු ලැබුවා. ඉන් මාස කිහිපයකට පසුව අපි මේ වසරේදී නිකුත් විමට නියමිතව පවතින Android මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරණය වෙන Android 13 නැතිනම් Tiramisu පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඔබ ඔබ වෙත ගෙන එනු ලැබුවා.

ඒ වගේම පසුගිය ජුනි 10 වෙනි දින වන විට Google සමාගම විසින් Android 13 සංස්කරණයේ 5 වන Beta සංස්කරණයත් නිකුත් කිරීමට කටයුතු කළ අතර එහි Android 13 Beta 3 වන සංස්කරණය Platform Stability සමගින් නිකුත් කළ බවටත් ඔබ වෙත අපි තොරතුරු ගෙන ආවා.

දැනට Google සමාගම විසින් සිදු කරනු ලැබු Android 13 Beta සංස්කරණයන් නිකුත් කිරිම Android 12 Beta සංස්කරණයන් නිකුත් කිරිම හා සැසදිම්දී මොවුන් විසින් මෙවර පෙරට වඩා තරමක් ඉක්මනින් Beta සංස්කරණයන් නිකුත් කිරිමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම එළඹෙන් ජුලි මාසයේදීත් තවත් එක් Beta සංස්කරණයක් හෝ බලාපොරොත්තු විය හැකි වෙන අතරම මේ මාසයේත් සමහර විට Beta සංස්කරණයන් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: Android Authority

දැනට Google සමාගම විසින් සංස්කරණයන් ඉදිරිපත් කරමින් යන අකාරයටම කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරිමට හැකි වුවහොත් මේ වසර අගෝස්තු මාසයේදී පමණ Stable සංස්කරණයක් එළිදැක්විමේ හැකියාව ලැබෙනු ඇත.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara