ලොව සක්‍රීය Android Devices වලින් 15%ක්​ම Android 13 මත ධාවනය වන බව Google සමාගම ප්‍රකාශ කරයි

Google සමාගම විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ලොව පුරා භාවිත වන Android Devicesවලින් 13% ක පමණ ප්‍රමාණයක් මේ වන විට Android 13 සංස්කරණය සඳහා යාවත්කාලීන කර තිබෙනවා.

ලොව සක්‍රීය Android Devices වලින් 15%ක්​ම Android 13 මත ධාවනය වන බව Google සමාගම ප්‍රකාශ කරයි

Google සමාගම විසින් සෑම වසරකම Android Smart Phones සඳහා ඔවුන්ගේ නවතම Android සංස්කරණය හඳුන්වා දෙනු ලැබුවා. එයට අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පමණ එළිදැක්විමට කටයුතු කළ Android 13 සංස්කරණය මේ වන විට බොහෝ Android Smart Phone නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Smart Phones සඳහා ලබා දී තිබෙන අතරම, තවමත් ලබා දෙමින් සිටිනවා.

Android 13 “Tiramisu”, 2022දී නිකුත් වීමට නියමිත ප්‍රධානතම Android සංස්කරණ​ය ගැන ඔබ දැන ගත යුතු ​දෑ
පසුගිය ඔක්තෝබර් මාසයේදි පමණ Google සමාගම විසින් නිල වශයෙන් නිකුත් කරන ලද Android12 [https://androidwedakarayo.com/android-12-officially-released/] කියන්නේAndroid Operating System එක සදහා විශාල වෙනස්කම් රැසක් සමග හදුන්

Google සමාගම විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ලොව පුරා භාවිත වන Android Devicesවලින් 13% ක පමණ ප්‍රමාණයක් මේ වන විට Android 13 සංස්කරණය සඳහා යාවත්කාලීන කර තිබෙන අතර තවමත් බොහෝ සක්‍රීය Android Smart Phones ධාවනය වන්නේ Android 11 සංස්කරණය මත වන බවත් ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මෙලෙස දත්ත නිකුත් කර තිබෙන්නේ ජුනි මසට අදාලව වන අතර, ජුනි වන විට Android 13 සංස්කරණය Android Devices 14.7% ක ප්‍රමාණයකත්, පසුගිය අප්‍රේල් මාසය වන විට මෙම අගය පැවතියේ 12.1% ක ප්‍රමාණයකත් වනවා. කෙසේ වෙතත් අප්‍රේල් සිට ජුනි දක්වා කාළය තුළ ආසන්නව 3% ක පමණ Android Devices සඳහා Android 13 සංස්කරණය ලබා ගෙන තිබෙනවා.

Image Source - 9to5google.com

කෙසේ වෙතත් ජුනි මාසය වන විට ලොව පුරා භාවිත වන සක්‍රීය Android Devices වලින් 16.3% ක ප්‍රමාණයක Android 12 සංස්කරණයත්, 23.1% ක ප්‍රමාණයක Android 11 සංස්කරණයත්, 17.8% ක ප්‍රමාණයක Android 10 සංස්කරණයත් ප්‍රධාන වශයෙන් භාවිත වනු ලබනවා.

ඒ වගේම මේ වන විටත් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 14 සංස්කරණයේත් සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන විට එහි Beta සංස්කරණයන් ද නිකුත් කර තිබෙනවා.

Image Source - Developer.android.com
Sources: developer.android.com 9to5google.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara