Android 11 වලටත් අතුරුපසක නමක්, Red Velvet Cake

Android 11 වලටත් අතුරුපසක නමක්, Red Velvet Cake

Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය දියුණු කරනා ආයතනයේ, ඉංජිනේරු අංශයේ උපසභාපති වන Dave Burke පවසන පරිදි  Android 11 නව සංස්කරණයේ කේත නාමය නොහොත් Codename එක වන්නේ Red Velvet Cake යන්නයි.

Red Velvet Cake

වසර ගණනාවක් තිස්සේ, ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙළට Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ නම් කිරීම සිදු වුණි. එම නම් කිරීම් වල පළමු නාමය වූයේ Android 1.5 සංස්කරණය හැඳින්වූ Cupcake යන නාමයයි.

නමුත්, පසුගිය වසරේදී Google විසින් එම සංස්කෘතිය බිඳ දමා ඔවුන්ගේ නව සංස්කරණය Android Q ලෙස නොව, Android 10 ලෙස නම් කෙරුණු අතර, මීළඟ සංස්කරණය Android 11 ලෙස නම් කෙරුණි

නමුත්, Google Android ආයතනයේ නිෂ්පාදන කළමනාකරණ අංශයේ උපසභාපති වන Sameer Samat පසුගිය වසරේ The Verge අඩවියට පවසා ඇත්තේ තවමත් ඔවුන් සමාගමේ අභ්‍යන්තරව ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට කේත නාම භාවිතා කරන බවයි.

Dave Burke සහ මෘදුකාංග ඉංජිනේරු Dan Sandler, Android Central වෙත පවසා ඇති පරිදි, Android 10 සංස්කරණයටත් මහජනයාට ප්‍රසිද්ධ නොකොට, අභ්‍යන්තරයේ පමණක් භාවිතා වූ කේත නාමයක් තිබී ඇත. එම නාමය නම්, Quince Tart යන්නයි.

Quince Tart

නමුත්, පැණි රස අතුරුපස සංස්කෘතිය අනුව නාමකරණය පවත්වාගනිමින් මහජනයා වෙත එය ලබා දෙන්නේ නම්, එය Queen Cake ලෙස හැඳින්වීමට ඉඩකඩ තිබූ බවත් දැක්වේ.

Queen Cakes

Red Velvet Cake යන නාමය යෙදීම මඟින් පෙර පැවති සාම්ප්‍රදායික නාමකරණය නැවත රැගෙන ඒම සනාථ වන අතර, ඉදිරියටත් නව Android සංස්කරණ අකාරාදී පිළිවෙළ ගත් අතුරුපස නාමයන්ගෙන් නම් කෙරෙනු ඇත.

Source - theverge.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara