Huawei සමාගමට සැපයුම් කිරීම සඳහා අවසර ලබාදෙමින් ඇමරිකානු රජය විසින් AMD සමාගමට අපනයන බලපත්‍ර නිකුත් කරයි

Huawei සමාගමට සැපයුම් කිරීම සඳහා අවසර ලබාදෙමින් ඇමරිකානු රජය විසින් AMD සමාගමට අපනයන බලපත්‍ර නිකුත් කරයි

ඇමරිකානු රජය Huawei සමාගමට තවදුරටත් processors අලෙවි කිරීමට හැකියාව ලබා දෙමින් අපනයන බලපත්‍ර නිකුත්කල බව මේ වන විට ලෝකයේ ප්‍රධාන processors නිපදවන ආයතනයක් වන AMD සමාගමේ ජ්‍යේෂ්ඨ උප සභාපති වන Forrest Norrod විසින් Deutsche banking technology conference එකේදී ප්‍රකාශ කර ඇත.

Forrest Norrod විසින් එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගණුදෙනුව ඇමරිකානු නීතියට 100%ක්ම අනුකූලව සිදුවන බවත්, AMD සමාගම තම පාරිභෝගිකයන්ට උපරිම සහය ලබා දෙන බවත්‍ ය.

සැප්තැම්බර් 15 වන දින සිට පැනවුන තහනමත් සමඟ Huawei සමාගමට තම නිෂ්පාදන අලෙවි කිරීමට බලපත්‍ර ලැබුණු බව ප්‍රකාහ කරමින් නිවේදනයක් නිකුත් කල ප්‍රථම සමාගම AMD සමාගම වේ. Samsung, MediaTek, Sony සහ අනෙකුත් සමාගම් විසින් සැප්තැම්බර් 15 වන දින සිට Huawei සමාගමට සැපයුම් කිරීම නැවැත්වූ බව තහවුරු කර ඇත.

AMD සමාගමේ මෙම ප්‍රකාශයට පෙර Intel, M.A., Samsung of South Korea, SK Helix, Taiwan TSMC, MediaTek, සහ Chinese mainland SMIC යන සමාගම් Huawei සමාගමට තම නිෂ්පාදන සැපයීමට අවසර ඉල්ලමින් U.S. Department of Commerce වෙත බලපත්‍ර අයදුම්පත්‍ර ලබා දුන් බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් AMD සමාගම වෙත මෙලෙසින් ලැබුණු අවසරයත් සමඟ ඉදිරියේදී අනෙකුත් සමාගම් වලටත් එම අවසරය ලැබෙනු ඇතයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිති.

AMD සමාගම යනු Huawei Notebook පරිගණක වලට processors සපයන ප්‍රධාන සැපයුම්කරුවෙක් වන අතර ඔවුන්ගේ Rye Dragon series එකේ processors Huawei සමාගමේ Notebook වල බහුලව භාවිතා වේ.

Sources: Gizchina, ithome (Chinese)

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara