Amazon සමාගම විසින් තම Luna cloud gaming සේවාව Android උපාංග වෙත ලබා දීමට කටයුතු කරයි

Amazon සමාගම විසින් තම Luna cloud gaming සේවාව Android උපාංග වෙත ලබා දීමට කටයුතු කරයි

ඔබට මතක ඇති අපි මිට පෙර Amazon සමාගම විසින් Amazon Luna නමින් ඔවුන්ගේ නවතම Cloud Gaming සේවාව එළිදැක්වීමට කටයුතු කල බවට තොරතුරු ගෙන ආවා. මේ මගින් PC, Mac, Fire TV වගේම විශේෂිත Web apps හරහා iPhone/iPadවලත් Games Stream කිරිමේ හැකියාව පැවති අතර මේ වන විට ඔවුන් මේ Game Streaming Service එක Android Devices වෙත ලබා දිමට කටයුතු කර තිබෙනවා .

මේ Luna Game Streaming Service එක භාවිත කිරිමට Android Usersලාට App එකක් Download කිරිමට අවශ්‍ය නොවන අතර Chrome Web Browser එක මගින් Luna Cloud Gaming Service එක සදහා ප්‍රවේශ විය හැකි වෙනවා.

Luna Cloud Gaming Service එක දැනට සහය දක්වන්නේ Pixel, Samsung හා OnePlus Smartphones කිහිපයකට පමණක් වෙනවා. හැබැයි ඉදිරියේදි මේ Devices ප්‍රමාණය වැඩි වෙනු ඇති බව අපේක්ෂා කරන්න පුළුවන්. මේ සදහා සහය දක්වන Android Smartphones විදිහට Pixel 4XL, 4A, 4A 5G, 5; Samsung Galaxy S10, S10 Plus, Note 10, Note 10 Plus, S20, S20 Plus, S20 Ultra, Note 20, Note 20 Ultra, OnePlus 7, 7 Pro, 7 Pro 5G, 8, 8 Pro, හා Nord 7T, 7T Pro, 7T Pro 5G smartphones දක්වන්න පුළුවන්. ඒ වගේම මේවාගේ Android OS එක 9 හෝ ඊට වඩා වැඩි විය යුතු වෙන අතර Chrome Version එක 86 හෝ ඉට වඩා වැඩි Version එකක් විය යුතු වෙනවා.

ඒ වගේම Android Devicesවලින් Luna Cloud Game Service එක භාවිත කිරිමේ දි Luna Controller එක මෙන්ම PlayStation 4 හෝ Xbox One controller භාවිතයෙන් ක්‍රිඩා කල හැකි වෙනවා.

Sources : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara