Amazon සමාගම විසින් Fire TV Stickහි අළුත් version එකක් සහ Fire TV Stick Lite නම් නව TV Stick එකක් නිකුත් කරයි

Amazon සමාගම විසින් Fire TV Stickහි අළුත් version එකක් සහ Fire TV Stick Lite නම් නව TV Stick එකක් නිකුත් කරයි

Amazon සමාගම විසින් ඔවුන්ගේ නවතම Fire Tv Stick හා Stick Lite හදුන්වා දෙනු ලැබුවා. Fire TV Stick වඩා වේගවත් Processor එකකින් හා වැඩි දියුණු කරන ලද Audio සමගින් නිකුත් කර තිබෙන අතර අඩු මිලකට Fire Tv Experience එක ලබා ගැනිමට හැකි වෙන ලෙසට Stick Lite Version එක නිකුත් කර තිබෙනවා.

Fire TV Stick‌‌

Fire Stick පැරණි Version එකට සාපේක්ෂව මෙහි Performance 50% පමණ ඉහල දැමිමට Amazon සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම මේ Device එක පැරණි Device එකට වඩා 50% ක් අඩු Power එකක් භාවිතයට ගන්න බවත් දක්වා තිබෙනවා.

Design එකේ එතරම් වෙනසක් සිදුවි නොමැති වුවත් මෙය 1.7 GHz Quad-core Processor එකකින් සමන්විත වෙනවා. ඒ වගේම Full-HD 60FPS යුතුව HDR Video Stream කල හැකි වෙනවා. Dolby Atmos Feature එකත් Onboard Alexa Voice Commanding Feature එකත් අන්තර්ගත කර තිබෙනවා. Fire TV Stick එක ගැන නිල Blog Post එකට අනුව මෙය 5GHz Networks සමග ක්‍රියාකරනවා. ඒ වගේම Dual-band, Dual-antenna Wi-Fi support එකත් ලබා දි තිබෙනවා.

මෙහි මිල ලෙස ඩොලර් 39.99 දක්වා ඇති අතර ඔක්තෝබර් 15 පසුව මිලදි ගැනිමට අවස්ථාව ලැබෙනවා.

Fire TV Stick Lite‌‌

මෙය අඩු මිල Fire Tv Stick එක කියා හැදින්වුව හොත් නිවරදියි. මෙය Full HD Streaming සදහා සහය දක්වන්න අතර HDR support එකත් ලබා දි තිබෙනවා. ඒ වගේම මේ සදහාත් Alexa Voice Commanding Feature එක ලබා දිලා තිබෙනවා.

මෙහි මිල ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩොලර් 29.99ක් වන අතර මෙයත් ඔක්තෝබර් 15 සිට මිලදී ගැනිමට හැකියාව ලැබෙනවා.

Sources : Beebom , Amazon

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara