මේ දවස් වල කවුරුත් කතා වෙන, අඟහරු ග්‍රහයාට මුලින්ම යෑමට තේරී පත්වූ "Alyssa Carson" සමඟ හරවත් කතාබහක්!

මේ දවස් වල කවුරුත් කතා වෙන, අඟහරු ග්‍රහයාට මුලින්ම යෑමට තේරී පත්වූ "Alyssa Carson" සමඟ හරවත් කතාබහක්!

(මෙය abc.net.au වෙබ් අඩවිය සමඟ Alyssa Carson කල සංවාදයේ සිංහල අනුවාදයයි.)

බොහෝ ළමුන් ගගනගාමියෙකු වීමට සිහින දකින නමුත් Alyssa Carson ඇත්ත වශයෙන්ම එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට යයි. Alyssa Carson කුඩා කාලයේ පටන්ම අවකාශයට ආදරය කල අයෙකි. ඇයට කුඩා කල සිටම තිබූ හීනයක් වූයේ අඟහරු මතට ගොඩබසින පලමු පුද්ගලයා වීමයි.

මුලින්ම මම අභ්‍යවකාශය ගැන උනන්දු වූයේ මා කුඩා අවදියේදීය. නිසැකවම, කුඩා වියේදී සිදු වූ බොහෝ දේවල් දැන් මට මතක නැත. නමුත් මගේ තාත්තාට මතකයි මා ඔහු වෙත පැමිණ අභ්‍යවකාශය හා අඟහරු ග්‍රහයා ගැන ඇසූ ප්‍රශ්න ගැන.

උස්මහත් වන විට Alyssa අභ්‍යවකාශ කඳවුරුවලට ආදරය කළාය. 2014 දී, NASA හි නරඹන්නන්ගේ මධ්‍යස්ථාන 14ක් ප්‍රාන්ත 9ක් පුරා සංචාරය කරමින් “NASA Passport වැඩසටහන” සම්පූර්ණ කළ පළමු පුද්ගලයා ඇයයි.

මම මුලින්ම ගියේ එක්සත් ජනපදයේ Huntsville, Alabama හි අභ්‍යවකාශ කඳවුරට ය. ඇතටම ඒක හරිම පුදුම සහගතයි. ඉතින් මම ඒක කළා. ඒවගේම ඒක ගොඩක් හොඳ ජාත්‍යන්තර අත්දැකීමක්. මම එහි සිටි එකම ඇමරිකානුවා. මම හිතන්නේ අපිට රටවල් 15 ක් වගේ ළමයි හිටියා.

Alyssa ලොව පුරා සංචාරය කිරීමෙන් සතුටක් ලැබුවාය. ඇගේ අංක එකේ ආශාව ගැන ඉගෙන ගනිමින් විවිධ ස්ථානවලින් පැමිණි මිනිසුන් හමුවිය. ඇය පවසන්නේ අභ්‍යවකාශ කඳවුරු “ජාත්‍යන්තර මිත්‍රත්වය කෙරෙහි දැඩි ලෙස අවධාරණය කළ එකක්” බවයි.

ඉතින්, ඔබ සැබවින්ම ගගනගාමියෙකු වන්නේ කෙසේද?

එය සැබවින්ම සුපිරි තරඟකාරී ක්ෂේත්‍රයක් වන අතර එයට විශාල වෙහෙසක් දැරීමට සිදු වේ, නමුත් එය කළ හැකියි.

ගගනගාමියෙකු ලෙස සැබවින්ම අයදුම් කිරීමට මට ශාස්ත්‍රපති උපාධියක් අවශ්‍ය වන අතර පසුව යම් සේවා පළපුරුද්දක්ද අවශ්‍ය වේ. එය තරමක් දැඩි තරඟයක්, මම හිතන්නේ. ඔබ අයදුම් කරන විට මතක තබා ගත යුතු බොහෝ දේ ඇත. ඔබව තෝරාගෙන නොමැති නම්,ඊට හේතුව ඔබගේ ජීවදත්ත වාර්තාව පිළිබඳ හෝ ඔබ ගැන සම්බන්ධ කිසිවක් නොවේ, තෝරාගැනීමේදී සැලකිල්ලට ගන්නා තවත් බොහෝ දේ තිබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයන් 18,000 ක් පමණ අයදුම් කරන අතර තෝරාගනු ලබන්නේ පුද්ගලයන් 12 ත් 20 ත් අතර ප්‍රමාණයක් පමණි.

Space Industry එකේ වැඩ කිරීම ඉතා අසීරු කටයුත්තකි, නමුත් ඔබ ඒ සඳහා දැඩි උනන්දුවක් හා සම්බන්ධ වීමට කැමත්තක් දක්වයි නම්, මනෝවිද්‍යා අංශය, ආහාරපාන සැපයීම සහ පුවත්පත් කලාව වැනි විශාල අවස්ථාවන් රාශියක් ඇත.

ගගනගාමීන්ගෙන් සියයට 90 ක්ම පිරිමින් වන අතර වැඩි කාන්තාවන් ප්‍රමාණයක්, විශේෂයෙන් තරුණියන් අභ්‍යවකාශ කර්මාන්තයට පිවිසීමට අත්‍යවශ්‍ය බව Alyssaගේ මතයයි.

මම මධ්‍යම පාසල් දැරියන් පිරිසක් සමඟ කතා කරමින් සිටියෙමි. ඔවුන්ගෙන් එක් අයෙක්,
'ඒයි, මම විද්‍යාවට හා අභ්‍යවකාශ විශයන්‍ට කැමතියි, නමුත් මම විලාසිතා වලටද කැමතියි, මට අභ්‍යවකාශ ඇඳුම් නිර්මාණය කළ හැකිද? ලෙසින් විමසීය.

ඇත්ත වශයෙන්ම ඔබට එය කළ හැකිය, එය අනිවාර්යයෙන්ම ඔබට කල හැකි දෙයක් වේවි, සමහර විට ඊළඟ අනාගත අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය නිර්මාණය කිරීමටද දායක විය හැක. Space X මෑතකදී භාවිතා කිරීමට පටන් ගත් අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය සැබවින්ම නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය සුපිරි වීරයෙකුගේ ඇඳුම් නිර්මාණය කළ අයෙකු විසිනි. ”

මෙසේ Alyssa Carson විසින් තම අදහස්  පලකර තිබුණි.

Source: abc.net.au

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna