Airtel සමාගම තම 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර​යි

Airtel සමාගම තම 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර​යි

ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G Trail Network එක පසුගිය පෙබරවාරි මාසයේදී පමණ Airtel සමාගම විසින් හදුන්වා දෙනු ලැබු අතර ඒ ඔස්සේ ඔවුන් විසින් 1.9Gbpsක වේගයක් ලබා දෙනු ලැබුවා.

2020 වසරේදී තම 4G ජාලය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කීරිම ආරම්භ කරනු ලැබු මොවුන් මේ වෙන විට ශ්‍රී ලංකාව පුරාම ඔවුන්ගේ 4G ජාලය ව්‍යාප්ත කර තිබෙනවා. Bharti Airtel Lanka PVT Ltd සමාගම විසින් මීට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිත කිරිමට සුදානම් බව මීට පෙර දැනුම් දී තිබු අතර ඒ අනුව ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිත කිරීමට මේ වසර ජුනි 24 වෙනි දින සිට අවසර ලබා දී තිබෙනවා.

Airtel සමාගම විසින් මෙලෙස ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිත කිරීම නිසා 2G සහ 3G ජාලයන් ඔස්සේ ක්‍රියාත්මක වෙන ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතාවයන් විසන්ධි වීමක් සිදු වෙනු ලබනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මේ ක්‍රියාවලිය සදහා මාස 15ක සංක්‍රාන්ති කාල සීමාවක් ලබාදී ඇත්තේ මෙම කාලසීමාව අවසානයේ 3G ජාලය ක්‍රියා විරහිත කිරීමෙන් අදාල පාරිභෝගිකයන් හට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමටයි. එමෙන්ම Airtel ආයතනය විසින් ඔවුන්ගේ 3G ජාලය භාවිත කරන පිරිසයෙන් 90%ක් Airtel 4G ජාලය වෙත අන්තර්ග්‍රහණය කර ගැනීමට පහත සදහන් කොන්දේසි යටතේ බැදී සිටින බවත් විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් දක්වා තිබෙනවා.

උපුටාගැනිම :
පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් එම ජාලය විසන්ධි වීමට පෙර 4G ජංගම දුරකථන ජාලය භාවිතය සදහා පෙළඹවීම.
3G ග්‍රාහකයන් සදහා 4G ජංගම දුරකථන ලබාගැනීම සදහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ සහනදායී මිලට ලබා ගැනීමට හැකි පහසුකම් උපරිමයෙන් සලසා දීම.
සංක්‍රාන්ති කාලය තුල එසේ ලබා ගන්නා 4G දුරකථන සම්බන්ධතා සදහා සිත් ගන්නා සුළු දුරකථන පැකේජ හදුන්වා දී ක්‍රියාත්මක කිරීම.
3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත කෙටි දුරකථන පණිවිඩ (SMS) මගින් නිශ්චිත කාලාන්තර වලදී මෙම ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම සහ එම පාරිභෝගිකයන් නියමිත කාලයට පෙර 4G දුරකථන සම්බන්ධතාවයන් ලබා ගැනීමට දිරි ගැන්වීම.

එමෙන්ම ඔබ විසින් තවමත් 2G සහ 3G ජාලයන් ඔස්සේ පමණක් ක්‍රියාත්මක වෙන ජංගම දුරකථනයක් Airtel දුරකථන ජාලයේ ඔස්සේ භාවිතා කරන්නේ නම් නොපමාව Airtel ආයතනයේ කෙටි දුරකථන අංක 780 ඔස්සේ අමතා ඉහත කොන්දේසි වලට අනුකූලව 4G ජංගම දුරකතනයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවත් දක්වා තිබෙනවා.

මෙම සහනය ඔබට ලබාගත හැක්කේ ජුනි මස පළමු වෙනදා දක්වා පමණක් වෙන අතර ඉහත කාලසීමාව තුල යම් ගැටලුකාරී තත්වයක් ඇතිවුහොත් ඒ පිලිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දිය හැකි වෙනවා.

මෙලෙස Airtel 3G ජාලය ක්‍රියා විරහිත කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ 3G තාක්ෂණය සදහා දැනට භාවිතා කරන සංඛ්‍යාත 4G තාක්ෂණය සදහා යොදා ගනිමින් පාරිභෝගිකයන් සදහා වඩා වේගවත් සහ පුළුල් සේවාවක් ලබා දීමට හැකි බවයි.

Source: TRCSL

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna