ශ්‍රී ලංකාව තුල තම 4G ජාලය ස්ථාපනය කිරීමට Airtel Lanka සමාගම සූදානම් වේ

ශ්‍රී ලංකාව තුල තම 4G ජාලය ස්ථාපනය කිරීමට Airtel Lanka සමාගම සූදානම් වේ

දැනට 3G ජාල මගින් පමණක් Mobile Broadband සේවාව ලබා දුන් Airtel සමාගම මේ වන විට ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ 4G ජාලය ස්ථාපිත කිරිමට සුදානමින් සිටිනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් Airtel සමාගම වෙත ශ්‍රී ලංකාව තුල 4G ජාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සංඛ්‍යාත පරාසය (Frequency spectrum) මේ වන විට ලබා දි තිබෙනවා. ඔවුන් මේ 4G ජාලය ලබා දෙන්නේ 850MHz සංඛ්‍යාත පරාසයෙනි. Airtel සමාගම මේ වන විට දිවයින පුරා ඔවුන්ගේ අධිවේගී 4G Mobile Broadband සේවාව දියත් කිරිමට සුදානමින් සිටිනවා.

Airtel සමාගමට අනුව ඔවුන් මේ 4G Mobile Broadband සේවාව 850MHz සංඛ්‍යාත පරාසයෙන් සැපයිමට සුදානම් වි සිටිනවා. ඔවුන් මේ සංඛ්‍යාත පරාසය හදුන්වන්නේ ‘The Efficient 850MHz Band’ යනුවෙන්. මේ තුලින් Airtel පාරිභෝගිකයින්ට වඩා හොද 4G Mobile Broadband සේවාවක් අත්විඳීමට හැකියාව ලැබෙන බව නිසැකයි. එමෙන්ම ඔවුන්ගේ මේ 4G Network එක Mobile Broadband සදහා පමණක් සිමා නොවන අතර මේ 4G Network එක මගින් Home Broadband සේවාවත් සැපයිමට ඔවුන් බලාපොරොත්තු වි සිටිනවා.

මේ පිළිබඳව අදහස් දැක්වු Airtel Lanka සමාගමේ CEO & Managing Director වන Ashish Chandra මහතා කියා සිටියේ ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඔවුන්ට මේ අවස්ථාව ලබා දිම වෙනුවෙන් ඔවුන්ගේ ස්තුතිය පිරිනමන බවයි. එමෙන්ම මේ 4G Network එක තුලින් ශ්‍රී ලංකාව පාරිභෝගිකයාට ජාත්‍යන්තර මට්ටමේ 4G Experience එකක් ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පවසනවා. පාරිභෝගිකයින්ට හොද Home Broadband සේවාවක් මෙන්ම Mobile Broadband සේවාවක් ද සැපයිමයි ඔවුන්ගේ මුලික බලාපොරොත්තුව වි තිබෙන්නේ. මේ අධිවේගි 4G Network එක තුලින් වර්තමාන මෙන්ම අනාගත අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අධිවේගි අන්තර්ජාල සබදතාවක් ලබා දිමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Airtel සමාගම ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු 2009 දි ආරම්භ කල අතර කෙටිම කාලයකින් මිලියනයක පාරිභෝගිකයින් පිරිසකට ලගා වු ජංගම දුරකථන ජාලය වන්නේද මෙයයි. Airtel සමාගමේ මේ 4G Network එකේ ආගමනයත් එකක් අපිට Broadband සේවාවේ ඉතා තරගකාරි බවක් ඉදිරියේදි දැක ගන්න හැකි වනු නිසකයි.

Sources :  Developingtelecoms

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara