Airtel Indiaහි පාරිභෝගිකයන් මිලියන 375ක දත්ත අන්තර්ජාලයට මුදා හැ​රේ

Airtel Indiaහි පාරිභෝගිකයන් මිලියන 375ක දත්ත අන්තර්ජාලයට මුදා හැ​රේ

ඉන්දියානු ටෙලිකොම් දැවැන්තයෙකු වන Airtel සමාගම හැකර් ප්‍රහාරයකට ලක් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ‘xenZen’ නම් හැකර් කෙනෙකු විසින් Airtel සමාගමේ මිලියන 375කට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයක පෞද්ගලික දත්ත, එනම් ජංගම දුරකථන අංක, Email Address සහ හැදුනුම්පත් (aadhaar card) තොරතුරු ආදිය මෙසේ ලබා ගෙන ඇති අතර ඒවා Dark Web තුළ අලෙවිය සදහා පළ කර තිබෙනවා.

ඒ අනුව මේ දත්ත මෙම වසර ජුනි මාසයේදී Airtel සමාගමෙන් ලබා ගෙන ඇති අතර මේ දත්ත සියල්ලම ඩොලර් 50,000ක පමණ මුදලකට අලෙවි කරන බව හැකර්වරයා විසින් Dark Web ඔස්සේ දක්වා සදහන් කර තිබෙනවා. එමෙන්ම මීට පෙර මොහු විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ගේ දත්ත විශාල ප්‍රමාණයක් ද සාර්ථකව අලෙවි කළ බවට දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් Airtel සමාගම විසින් දක්වා සිටින්නේ මෙය තම සමාගමේ කිර්තී නාමය විනාශ කිරීම සඳහා සිදු කරන ලද්දක් බවත්, ඔවුන් විසින් මේ වන විටත් මේ පිළිබඳව පරික්ෂණයක් සිදු කර ඇති බවත්, තම සමාගමේ දත්ත කිසිවක් මෙලෙස වෙනත් පාර්ශවයක් විසින් සොරකම් කර නොමැති බවට සහතික කළ හැකි බවත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ Airtel සමාගමේ මේ ප්‍රකාශය දක්වමින් බොහෝ පුද්ගලයින් දක්වන්නේ මේ පිළිබඳව තෙවන පාර්ශවීය පරික්ෂණයක් අවශය වන බවයි.

Source: mashable.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara