කෘත්‍රීම බුද්ධියෙන් චිත්‍ර අඳින්නේ මෙහෙම​යි

කෘත්‍රීම බුද්ධියෙන් චිත්‍ර අඳින්නේ මෙහෙම​යි

මේ ටිකෙ කෘත්‍රිම බුද්ධියෙන් චිත්‍ර ඇඳලා හෙන බීසනේ නේද.  නමුත් මේවා අඳින්නෙ කොහොමද කියලා දන්නවද?

අපි අද කියලා දෙන්නෙ AI වලින් චිත්‍ර අඳින විදිහ.

මෙ චිත්‍ර අඳින වැඩේ කරන්ඩනම් ඔයාට මුලින්ම ඕන වෙනවා Discord එක.

ඔයා Pc එකෙන්නම් ලොග් වෙන්නෙ https://discord.com වෙබ් එකට හෝ Mobile එකකින්නම් ලොග් වෙන්නෙ discord app එක play store/ios app store එකෙන් Download කරාගෙන මුලින්ම Discord එකවුන්ට් එකක් හදාගන්න අවශ්‍ය වෙනවා.

ඊට පස්සෙ https://discord.com/invite/midjourney කියන මෙන්න මෙ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් (Midjourny) කියන චැනල් එකට join වෙන්​න. ඊට පස්සෙ දීලා තියෙන invitation එක accept කරන්​න. දැන් ඔයාලා චැනල් එකට ගිහින් එකෙ තියෙන newbies කියලා තියෙන රූම් එකකට ගිහින් /imagine (මතක ඇතුව මේක Simple වලින්ම type කරන්​න) ලෙස ටයිප් කරලා ඔයාට ඕන කරන චිත්‍රයේ විස්තරය ඉංග්‍රිසි වලින් වචන කිහිපයකින් ලියන්න. ඊට පස්සෙ AI එක මගින් මෙ චිත්‍රය අඳින තෙක් ඔයාට තත්පර කිහිපයක් බලාගෙන ඉන්​න වෙනවා. දැන් ඔයාට ඕනේ කරන චිත්‍රය ලස්සනට generate වෙලා ඇති. දැන් ඒක ඔයාට සේව් කරගන්න පුළුවන්.

අමතක නොකර ඔයාලා මේ විදිහ​ට ඇඳපුවත් අපෙ Facebook පිටුවෙ මතක ඇතුව කමෙන්ට් එකක් දාන්​න. එහෙනන් අපි ගියා හැමෝටම ජය වේවා. 🤩👌

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara