Linux භාවිතයේ වාසි අවාසි හා අවශ්‍ය ලිනක්ස් OS තෝරා ගැනීම (Linux 02)

Linux භාවිතයේ වාසි අවාසි හා අවශ්‍ය ලිනක්ස් OS තෝරා ගැනීම (Linux 02)

ඔයාලට මතක ඇති මුල්ම පෝස්ට් එකෙන් මම කතා කලා Linux කියන්නේ මොකක්ද කොහොමද එය නිර්මානය උනේ කියලා. මේකේදි අපි බලමු අනිත් OS වලට වඩා Linux වල ඇති වාසි හා අවාසි ඒ වගේම අපිට ගැලපෙන Linux operating system එක තෝරාගන්නේ කොහොමද කියලා.

වාසි

• Free and open source

ලිනක්ස් වල ඇති ප්‍රදානතම වාසිය තමා මෙය අපට නොමිලේ ලබා ගන්න පුළුවන් වෙන එක සහ අපිට ඕන ආකාරයට නිර්මානය (customize)  කර ගැනීමට හැකියාව පැවතිනවා. උදාහරනයක් විදිහට  windows OS ගතහොත් එම OS ලබාගැනීමට විශාල මුදලක් ගෙවීමට අපට සිදුවෙනවා. ඒවගේම එම OS source code ලබා ගැනීමට ද අපට හැකියාවක් නොමැත.

• Updates

ලිනක්ස් OS එක අපට ලේසියෙන්ම update කිරීමේ හැකියාව පවතිනවා.         Windows OS වගේ ලොකු වෙහෙසක් දැරීමට අවශය වෙන්නේ නෑ.

• Security

Virus , worms, ransomware attack ලිනක්ස් වලට එල්ලවෙන්නෙම නැති තරම් එයට ප්‍රදාන හේතුවෙක් ලෙස Linux භාවිතා කරන පිරිස අඩු නිසා ලිනක්ස් සදහා  නිපදවන virus attack අඩුයි. කෙසේ වෙතත් අනාගතයේ දි මෙය වෙනස් වීමට හැකිවාව පවති මන්ද, Linux වල source code හැම කෙනෙනුටම ලබා ගත හැකි නිසා source code වල ඇති vulnerability උපයෝගි කරගෙන එයට attack කිරීමේ හැකියාව පවති.

• Distributions

ඒ වගේම අපිට අපගේ එක එක අවශ්‍යතා සදහා අපට අවශ්‍ය ලිනක්ස්  OS තෝරා ගැනීමේ හැකියාවක් තියනවා.

ඔයා ලිනක්ස් වලට ආධුනිකයි නම් මුලින්ම ඔයා පාවිච්චි කරන්න ඕන OS තමා
Ubuntu or fedora මට හිතෙන විදිහට නම් ඒ OS වලින් ඔයාට මූලික දැනීමක් ලබා ගන්න පුලුවන් වගේම මේ OS වල user interface එක ගැනත් අදහසක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම ඔය networking , hacking පැත්තෙන් ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඔයාට පුලුවන් kali linux , Fart OS වගේ ඒවා පාවිච්චි කරන්න.

ඒ වගේම servers සදහා අවශ්‍ය නම් ඔයාට පුළුවන් Ubuntu, Red Hat, Cent OS, Clear OS, SUSE Linux වගේ server distributions පාවිච්චි කරන්න.

අවාසි

ලිනක්ස් OS වල ඇති ප්‍රදානතම අවාසිය තමා software’s අඩු කම. Windows OS සමග සංසන්දනය කර බැලුවොත් windows වලින් කරන්න පුලුවන් වැඩ වලින් පොඩි කොටසක් තමා Linux OS වල කරන්න පුලුවන් විශේෂයෙන්  windows වල අපිට නැතුවම බැරි software තමා adobe software’s ඉතින් මෙම software ලිනක්ස් වල භාවිතා කිරීමට නොහැකිය. නමුත් ලිනක්ස් භාවිතා කරන පිරිස වැඩි උවහොත් අවශ්‍ය software’s නිර්මානය කිරීමට developers ලා උත්සාහ ගනී.

ඊලග පෝස්ට් එකෙන් බලමු අපගේ පරිගනකයට  Linux OS Install කිරීමට හැකි ක්‍රම හා කරන ආකාරය

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara