WhatsApp Group Chatsහි Messages යැවීමට පෙර Adminවරුන් විසින් Review කළ හැකි පහසුකමක් නුදුරේදීම
අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට Message Only Admins ලෙසින් සකසා ඇති WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වනවා.
Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.
WhatsApp Groups වල දැනට Message යැවීම පාලනය කිරීමට Admins ලා සඳහා පමණක් Messages යැවීම සඳහා සැකසිය හැකි බව මම ඔබ සියල්ල්ම දන්නා කරුණක්. නමුත් අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් Send for Admin Review ලෙසින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.
ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Group Settings වල මේ පහසුකම පෙන්වන ලබන අතර එහි Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි අතර ඒවා වෙනම ස්ථානයක Adminලාට පමණක් පෙන්වනු ලබනවා. ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස්වනු ලබනවා. Group Chat එකක් තුළ ආරක්ෂිත සහ සාවදාන තත්වයක් පවත්වා ගැනීම සඳහා මෙවැනි පහසුකම් බොහෝ සෙයින් උපකාරී වනවා.
මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් Public Versions සඳහා මෙය බලාපොරොත්තු විය හැකි වනවා. ඉදිරියේදීත් මෙවැනිම වූ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.
Source: wabetainfo.com