WhatsApp Group Chatsහි Messages යැවීමට පෙර Adminවරුන් විසින් Review කළ හැකි පහසුකමක් නුදුරේදීම

අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට Message Only Admins ලෙසින් සකසා ඇති WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වනවා.

WhatsApp Group Chatsහි Messages යැවීමට පෙර Adminවරුන් විසින් Review කළ හැකි පහසුකමක් නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


WhatsApp Groups වල දැනට Message යැවීම පාලනය කිරීමට Admins ලා සඳහා පමණක් Messages යැවීම සඳහා සැකසිය හැකි බව මම ඔබ සියල්ල්ම දන්නා කරුණක්. නමුත් අත්‍යාවශ්‍යම කරුණක් සඳහා වෙනත් පුද්ගලයෙකුට යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් Send for Admin Review ලෙසින් නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Group Settings වල මේ පහසුකම පෙන්වන ලබන අතර එහි Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි අතර ඒවා වෙනම ස්ථානයක Adminලාට පමණක් පෙන්වනු ලබනවා. ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස්වනු ලබනවා.  Group Chat එකක් තුළ ආරක්ෂිත සහ සාවදාන තත්වයක් පවත්වා ගැනීම සඳහා මෙවැනි පහසුකම් බොහෝ සෙයින් උපකාරී වනවා.


මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් Public Versions සඳහා මෙය බලාපොරොත්තු විය හැකි වනවා. ඉදිරියේදීත් මෙවැනිම වූ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara