එකම WhatsApp App එක වෙත ගිණුම් කිහිපයක් එක් කිරීමේ පහසුකම සියලු Beta පරිශීලකයන් සඳහා නිකුත් කරයි

තෝරාගත් Android Beta පරිශීලකයන් කිහිපදෙනෙකුට පමණක් ලබා දී තිබූ WhatsApp Multi Account පහසුකම මේ වන විට සියලුම Android Beta පරිශීලකයන් වෙත මේ පහසුකම ලබා දී තිබෙනවා.

එකම WhatsApp App එක වෙත ගිණුම් කිහිපයක් එක් කිරීමේ පහසුකම සියලු Beta පරිශීලකයන් සඳහා නිකුත් කරයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


එලෙස හඳුන්වාදුන් නව පහසුකමක් ලෙස එකම WhatsApp App එක වෙත ගිණුම් කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වන බව මීට පෙර අපි වාර්තා කළා ඔබට මතක ඇති. කෙසේ නමුත් ඒ වන විට තෝරාගත් Android Beta පරිශීලකයන් කිහිපදෙනෙකුට පමණක් මේ පහසුකම ලබා දී තිබූ අතර මේ වන විට සියලුම Android Beta පරිශීලකයන් වෙත මේ පහසුකම ලබා දී තිබෙනවා.

Source: WABetaInfo.com

ඉහත Screenshot එකේ දැක්වෙන පරිදි WhatsApp Settings වෙත ගිය විට මෙලෙස ඔබේ Account එකට අමතරව තවත් Account එකක් එකතු කිරීමට Prompt එකක් දිස්වනවා. එලෙස Account එක Add කිරීමෙන් පසු එම Account හරහා මාරු වීමද ඒ හරහාම සිදු කළ හැකිවනවා.

තවද මෙසේ එකතු කරන Accounts එකම වර්ගයේ ගිණුම් විය යුතු නොවන අතර ඔබට සාමාන්‍ය WhatsApp Accounts මෙන්ම Business Accountsද මෙසේ එකතු කර ගත හැකි වනවා.

මෙලෙස මේ පහසුකම සියලු Android Beta පරිශීලකයින් සඳහා ලබා දී තිබෙන අතර නුදුරේදීම සියලුම Android පරිශීලකයන්ට මේ පහසුකම ඇත්විඳිය හැකි වනවා. කෙසේනමුත් iOS සඳහා මේ පහසුකම පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති අතර නොබෝ දිනකින් බලාපොරොත්තු හැකිවනවා.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna