WhatsApp හරහා Video Message යැවීමේ හැකියාව සියලු Android සහ iOS Beta පරිශීලකයන් සඳහා ලබාදෙයි

WhatsApp වෙත හඳුන්වා දීමට නියමිත තවත් නව විශේෂාංගයක් ලෙසින් WhatsApp වෙත Video Message යැවීමේ පහසුකම මේ වන විට සියලු Beta පරිශීලකයන් වෙත නිකුත් කර තිබෙනවා.

WhatsApp හරහා Video Message යැවීමේ හැකියාව සියලු Android සහ iOS Beta පරිශීලකයන් සඳහා ලබාදෙයි

පසුගිය දිනක Android සහ iOS Beta WhatsApp පරිශීලකයන් සඳහා නව Video Messages පහසුකමක් හඳුන්වා දෙනු ලැබුවා.


මේ නව Video Messages පහසුකම ඔස්සේ ඔබට තත්පර 60ක Real Time Video Clip එකක් Record කර යැවිමේ හැකියාව හිමි වනවා. මෙය මේ වන විට ලබා දී ඇති Voice Note යැවිමේ පහසුකමට සමාන වනු ලබනවා.

මේ සඳහා ඔබ එක් වරක් Microphone Icon එක Tap කර ඉන් පසුව එය Video Messages යැවීම සඳහා Camera Button එක බවට පත්වන අතර මේ ඔස්සේ තත්පර 60ක Video Message එක Record කර Send කළ හැකි වනවා.

මෙලෙස යවන Video Play කිරීමේදී Mute Mode එකෙන් යුතුව Play වන අතර Video එක මත එක් Tap කිරීමක් තුළින් Sound On කළ හැකි වනවා. එමෙන්ම සුපුරැදු පරිදි මේ Video Messages ද End-to-end Encrypted වන ලබනවා.


මේ වන විටත් WhatsApp Beta සංස්කරණයන් සඳහා ලබා දී ඇති මෙම පහසුකම ඉදිරි සතිවලදී WhatsApp Stable Versions සඳහාත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: blog.whatsapp.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara