WhatsApp හරහා Video Message යැවීමේ හැකියාව නුදුරේදීම

WhatsApp වෙත හඳුන්වා දීමට නියමිත තවත් නව විශේෂාංගයක් ලෙසින් WhatsApp වෙත Video Message යැවීමේ පහසුකමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

WhatsApp හරහා Video Message යැවීමේ හැකියාව නුදුරේදීම

WhatsApp වෙත පසුගිය දිනවල දී හඳුන්වාදුන් WhatsApp Channels, Calls සඳහා Screen Share පහසුකම, යැවූ පණිවිඩ Edit කිරීමේ හැකියාව වැනි නව විශේෂාංග බොහෝමයක් පිළිබඳව අපි දැනුවත් කළා ඔබට මතක ඇති. මෙලෙස WhatsApp වෙත හඳුන්වා දීමට නියමිත තවත් නව විශේෂාංගයක් ලෙසින් WhatsApp වෙත Video Message යැවීමේ පහසුකමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.


Source: WABetaInfo

ඉහත Screenshot එකේ දැක්වෙන පරිදි මේ Video Message පහසුකම ඇත්තේ Chat Bar එකේ Voice Message යැවීමට Microphone Button එක ඇති ස්ථානයේය. එම Microphone Button එක මත වරක් Tap කළ පසු Video Message එකක් පටිගත කිරීමට අදාළව එය වෙනස් වනවා.

දැනට මෙම Video Message Chat එකෙන් පිටත කිසිවෙකුට Forward කළ නොහැකි අතර නමුත් View Once ආකාරයට යැවීම සිදු නොවන නිසා මෙය ලබන්නාට එය Screen Record කර වෙනත් අයට යැවීමට හැකියාව පවතිනවා. තවද මේ Video Message ද අනෙකුත් Message මෙන් Encrypt වී හුවමාරුව සිදුවනවා. කෙසේනමුත් මේ Video Message එකක් ලබන්නාද එය නැරඹීම සඳහා WhatsApp හි නවතම Update එක Install කර තිබීම අවශ්‍ය වනවා.

තවමත් මේ පහසුකම ලබා දී ඇත්තේ තෝරාගත් Beta පරිශීලකයන් කිහිප දෙනෙකුට පමණක් වන අතර නුදුරේදීම මෙහි Public Release එකක් අපට බලාපොරොත්තු විය හැකියි. ඒ පිළිබඳව දැන ගැනීම සඳහා දිගටම Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna