Apple AirTag හරහා track කෙරුණු තරුණයෙකු, පෙම්වති​ය විසින් ඝාතනය කෙරේ

Apple AirTag හරහා track කෙරුණු තරුණයෙකු, පෙම්වති​ය විසින් ඝාතනය කෙරේ

ගිය වසරේ අප්‍රේල් මාසයේදී Apple සමාගම විසින් AirTags නමින් නව Apple නිෂ්පාදනයක් හදුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. මේ හරහා Find My App එක තුළින් Apple devices මෙන්ම මෙම AirTags භාවිතා කරන අනෙක් ඕනෑම device එකක් ද පහසුවෙන් සොයාගත හැකිවනවා. මෙහි විශේෂම feature එකක් ලෙසින් Precision Finding හදුන්වා දෙනු ලැබුවා. මේ හරහා accelerometer, camera, සහ gyroscope sensor එක යොදාගනිමින් AirTag භාවිතා කරනු ලබන උපාංගය සොයා ගැනීමට අවශ්‍ය directions පෙන්නුම් කරනු ලබනවා.

පරිශීලකයන්ගේ පහසුව සඳහා නිර්මාණය කෙරුනු මේ උපාංගය මේ වන විට ද්වේෂ සහගත ක්‍රියාවන් සදහා පවා භාවිතා කරන තත්වයකට පත්ව ඇති බවට වාර්තා වන්නේ Apple AirTag පුද්ගලයෙකුගේ මරණයට දායක වීඇ ති බව ජාත්‍යන්තර මාධ්‍යන් විසින් වාර්තා කිරීමත් සමඟයි.

USA Today වාර්තා කර සිටින ආකාරයට එක්සත් ජනපදයේ ඉන්ඩියානාහි වෙසෙන කාන්තාවක් විසින් ඔහුව ලුහු බැද ගොස් ෂක කටයුතු කාරණාවක් සම්බන්ධයෙන් ඝාතනය කර ඇත. පොලිස් පරීක්ෂන වලදී හෙලි වී ඇති ආකාරයට ඇය විසින් තම පෙම්වතාව ලුහු බැදීම සදහා අවශ්‍ය මාර්ගය සොයා ගැනීමට භාවිතා කර ඇත්තේ Apple සමාගමේ නිෂ්පාදනයක් වන AirTags බවයි. මේ සිදුවීම AirTags භාවිතාවෙන් සිදු වූ එකම වාර්තාව නොවන නමුත් Apple AirTags නිසා සිදුවූ ශෝකදායීම පුවත මෙය වනවා.

මෙවැනි ගැටළු ඇති නොවීමට Apple සමාගම විසින් මේ වන විටත් පිලියම් සපයා ඇත. එහි එක් පියවරක් වශයෙන් ඔවුන් විසින් Google Play Store සදහා යෙදුමක් නිකුත් කර ඇති අතර ඒ හරහා Android දුරකතන භාවිතා කරන්නන් හට ඔවුන් අසල ඇති අනවශ්‍ය AirTags හදුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම නව iOS සංස්කරණයන් හරහා anti-tracking පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ වන විට එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත වල AirTags වලට විරුද්ධව නීතිමය කටයුතු පවා සිදුවෙමින් පවතිනවා. AirTags යනු ජීවිතය පහසු කරන මෙවලමක් වුවත්, එය වැරදි ආකාරයෙන් භාවිතා කිරීම නිසා මෙවැනි තත්ව උදා විය හැකිය. මේ ලිපිය කියවන ඔබත් තාක්ෂණය නිවැරදි දේට පමණක් යොදා ගනු ඇතියි Android වැඩකාරයෝ අපි සිතන්නෙමු.

Sources: XDA-Developers NDTV

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna