iPhone 13 මාදිලියේ ජංගම දුරකතනයන්හි තිරයන් රෝස පැහැ ගැන්වීම මෘදුකාංග ගැටළුවක් නිසා සිදුවන බවට තොරතුරු වාර්තා ​වේ

iPhone 13 මාදිලියේ ජංගම දුරකතනයන්හි තිරයන් රෝස පැහැ ගැන්වීම මෘදුකාංග ගැටළුවක් නිසා සිදුවන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් පසුගිය වසරේදී එලිදැක්වූ iPhone 13 ජංගම දුරකතන මාලාවේ තිරය රෝස පැහැයකට ලක්වීමේ ගැටලුවක් මේ වන විට ලොව පුරාම කතා බහට ලක්ව තිබෙනවා. එමෙන්ම මෙය Apple Discussion Forum එකේ මෙන්ම Reddit සමාජ ජාලය හරහා බොහෝ දෙනා කතා බහට ලක්ව තිබුණු මාතෘකාවක් බවට පත්වුනා.

මෙම ගැටළුව පැන නැගී ඇත්​තේ iPhone 13 දුරකතන මාලාවට පමණක් වන අතර මීට පෙර නිකුත් වූ iPhone ජංගම දුරකතන මාදිලි සඳහා මෙම ගැටළුව පැන නැගී නැහැ. මේ පිළිබඳව Reddit පරිශීලකයන් දෙදෙනෙකු විසින් අදහස් දක්වා තිබුණේ පහතාකාරයෙන්.

ඉහත දක්වා ඇති Reddit උපුටනයට අනුව ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ දුරකතනයේ GPS නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනු අතර එකවරම තිරය රෝස පැහැයට හැරුණු බව​යි

මේ Reddit උපුටනයට අනුව ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ 13 Pro දුරකතනයේ බැටරිය අමුතු හැසිරීමක් පෙන්වූ බැවින් දුරකතනය restart කල පසු තිරය රෝස පැහැයට හැරුණු බවයි.

මෙම ගැටළුව පැන නැගුනු ඇතැම් පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙ දුරකතන Apple සමාගම විසින් replace කර ඇති නමුත් අනෙකුත් පාරිභෝගිකයන් හරවා යවා ඇත්තේ මෙය hardware මට්ටමේ ගැටළුවන් නොවන බව දන්වමිනි.

මෙම ගැටළුව වැඩි වැඩියෙන් පැන නැගී ඇත්තේ චීනයේ වන අතර  Weiboහි පලවී ඇති වාර්තාවකට අනුව Apple සමාගම විසින්  Weiboහි පරිශීලකයන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඔවුන්ගේ දුරකතන වල දත්තයන් backup කර මේ වන විට නිකුත් වී ඇති latestම iOS update එක තම දුරකතනයට ස්ථාපනය කරගන්නා ලෙසයි.

Weiboට අනු​ව මෙම ගැටළුවට හේතුව ලෙස Apple Customer Care එකෙන් දක්වා ඇත්තේ, මේ ආකාරයට තිරය රෝස පැහැ වීමට හේතුව hardware වල ගැටළුවක් නොව Software ගැටළුවක් බවත්, මෙහෙයුම් පද්ධති සහ දුරකතන යෙදවුම් යාවත්කාලීන නොවී තිබීම නිසා පද්ධතියේ ඇති වූ අකර්මණ්‍ය වීමක් නිසා මේ ආකාරයට තිරයන් රෝස පැහැහ් ගැන්වී ඇති බවයි. නමුත් මේ වන තුරුත් ඇපල් සමාගමේ තාක්ෂණික අංශය​න් විසින් මේ සඳහා නිල වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නෑ.

මේ වන විටත් iOS 15.3හි beta සංස්කරණයක් නිකුත් වී තිබුණත් එහිදීද මේ සඳහා නියමාකාරයේ විසදුමක් ලබා දී ඇති බව සඳහන්ව නැත.

Sources: Apple Discussion, 9to5Mac

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara