Samsung ජංගම දුරකතනයක් බෑගයක් තුල පුපුරා යයි; ඇති වූ ගින්නෙන් එහි අයිතිකරුට සුළු තුවාල සිදු වේ

Samsung ජංගම දුරකතනයක් බෑගයක් තුල පුපුරා යයි; ඇති වූ ගින්නෙන් එහි අයිතිකරුට සුළු තුවාල සිදු වේ

‌‌‌‌‌‌Smart Phones හා ඒවාගේ උපාංග ගිණි ගැනිම, පුපරා යාම වැනි සිද්ධි ඉතා විරල වන අතර අප මේ මැතකදි ඔබ වෙත ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ සාක්කුවේ තිබියදී iPhone X එකක් පුපුරා යාම හා iPhone charger එකක් ගිනි ගැනීම නිසා තරුණියක් පිළිස්සුම් තුවාල ලැබිම ආදිය වාර්තා කරනු ලැබුවා.

මෙවර මෙවැනි සිදු විමක් සදහා මුහුණ දි තිබෙන්නේ Samsung සමාගමේ Smart Phone එකක් වෙනවා. වාර්තාවලට අනුව චීන ජාතික පුද්ගලයකුට අයත් Samsung Smart Phone එකක් ඔහුගේ බෑගය තුල තිබියදි පුපුරා ගොස් තිබෙනවා. මේ සිදුවිම සිදු වි තිබෙන්නේ චිනයේ හෙනන් ෂෙන්ෂෝහි (Zhengzhou, Henan, China) නගරයෙන්.

මේ සිදුවිමට මුහුණ දි ඇත්තේ එම Smart Phone එකේ හිමිකරැ හා ඔහුගේ මිතුරෙකු විසින් නගරයේ සංචාරය කරමින් සිටින අතරතුරයි. මෙලෙස Samsung Smart Phone එක බැගය තුල පිපිරිම ලක්විම නිසා බැගයේ ක්ෂණික ගිණිගැනිමක් සිදු වෙන අතර ඔහුගේ හිසකෙස් හා ඇහිබැම ආදිය පිළිස්සි යනවා. කෙසේ වෙතත් අසල සිටින පුද්ගලයින් හා ඔහුගේ මිතුරා විසින් ඔහුට බරපතල අනතුරක් විමට පෙර ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරනු ලබනවා.

අන්තර්ජාලයේ පළවෙන තොරතුරුවලට අනුව මේ ගිණිගැනිමට හේතු වු Samsung Smart Phone එක Samsung Galaxy J5 Prime ( G5700 ) Device එකක් ලෙස හදුනාගෙන තිබෙනවා. Samsung Galaxy J5 Prime කියන්නේ මිට වසර 4කට පමණ නිකුත් වු Smart Phone එකක් වෙන අතර තවමත් Usersලා අතර සාර්ථකව භාවිත වෙන Smartphone එකක් වෙනවා.

තවමත් Samsung සමාගම වෙත මේ පිළිබඳව නිල වාර්තාවක් ලැබි නොමැති අතර ඉදිරියේ මේ පිළිබඳව Samsung ආයතනය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරනු ඇත.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara