2021දී තම ප්‍රථම smartwatch එක එලිදැක්වීමට සූදානම් වන බව OnePlus සමාගමේ CEO, Pete Lau විසින් තහවුරු කරයි

2021දී තම ප්‍රථම smartwatch එක එලිදැක්වීමට සූදානම් වන බව OnePlus සමාගමේ CEO, Pete Lau විසින් තහවුරු කරයි

OnePlus සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ නිෂ්පාදන පරාසය පුළුල් කිරිමට කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සාමාන්‍යයෙන් ඔවුන් එළිදක්වන High-End Smart Phoneවලට අමතරව මේ වන විට Budget Smart Phone Lineup එකක් එළිදැක්වීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව පසුගිය කාලයේදි Nord Device Series එකක් ( OnePlus Nord, Nord N10, Nord N100 ) නිකුත් වුණා.

මීට අමතරව දැන් OnePlus සමාගම ඔවුන්ගේම Smart Watch එකක් එළිදැක්වීමට සුදානමින් සිටින බවට OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි වෙන Pete Lau විසින් ඔහුගේ නිල Twitter ගිණුමේ පළ කර තිබෙනවා.

තවමත් මේ Smart Watch එකේ OS එක, මිල හෝ එළිදක්වන දිනයක් ගැන නිශ්චිත තොරතුරු නොමැති වුවත් Pete Lau Twitter සටහනට අනුව මිලග වසර මුලදි මේ OnePlus Smart Watch එක නිකුත් කිරිමට මොවුන් බලාපොරොත්තු වෙන බවට දක්වන්න පුළුවන්.

කෙසේ වෙතත් OnePlus සමාගමේ Smart Watch නිපදවිම ඔවුන්ට නම් අලුත් දෙයක් වෙන්නේ නැ. මිට පෙර ඔවුන් විසින් Wear OS (Android Wear) නම් Smart Watch එකක් පිළිබඳව කටයුතු කර තිබෙනවා. ඉදිරි සතිවලදි මේ OnePlus Smart Watch එක ගැන තොරතුරු දැන ගැනිමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara