Coinbase හරහා cryptocurrency මිලදී ගැනීමේදී PayPal හරහා ගෙවීම් කිරීමේ සහය ලබා දේ

Coinbase හරහා cryptocurrency මිලදී ගැනීමේදී PayPal හරහා ගෙවීම් කිරීමේ සහය ලබා දේ

මේ වෙන විට බොහෝ සමාගම් විසින් ගණුදෙනු සදහා Cryptocurrencies භාවිත කිරිමට ඔවුන්ගේ පාරිභෝගිකයන්ට අවස්ථාව සලසමින් සිටිනවා. මේ අනුව පසුගිය කාලයේ Tesla සමාගම විසින් ඔවුන්ගේ මොටර් රථ මිලදි ගැනිම සදහා Bitcoin භාවිත කිරිමේ හැකියාව ලබා දුන් අතරම PayPal සමාගම විසින් ඇමරිකානු පාරිභෝගිකයන් හට Cryptocurrencies මගින් ගෙවිම් කටයුතු සිදු කරන්නත් අවස්ථාව ලබා දෙනු ලැබුවා.

Cryptocurrency මිලදිගැනිමට, විකිණිමට හා ඒ හා සම්බන්ධ වෙනත් කටයුතුවලට ඉතා ප්‍රසිද්ධ සමාගමක් වෙන Coinbase සමාගම විසින් ඔවුන්ගේ ඇමරිකානු පාරිභෝගිකයන්ගේ ගණුදෙනු කටයුතු සදහා PayPal භාවිත කිරිමේ හැකියාව ලබා දි තිබෙනවා.

මෙලෙස Coinbase ඔස්සේ Cryptocurrency ගණුදෙනු සිදු කිරිමේ දි දැන් PayPal සහය ලබා දි ඇති නිසා Coinbase වෙත තමන්ගේ Bank Details ලබා නොදි PayPal ඔස්සේ ආරක්ෂිතව තම ගණුදෙනුව සිදු කරගත හැකි වෙනවා. මේ මගින් දිනකට ඩොලර් 25000ක් දක්වා ගණුදෙනු PayPal ඔස්සේ සිදු කල හැකි වෙනවා.

දැනට PayPal මගින් ගණුදෙනු කිරිමේ හැකියාව ඇමරිකා එක්සත් ජනපදය සදහා පමණක් ලබා දි ඇති අතර ඉදිරියේ දි වෙනත් රටවල් වෙතත් මේ හැකියාව ලබා දිමට Coinbase සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා. PayPal වෙත මුදල් ලබා ගැනිමේ හැකියාව මේ වෙන විටත් ඇමරිකාව එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපාය සහ ඇමරිකා එක්සත් රාජධානියේ සදහා ලබා දි තිබෙනවා.

Source : Coinbase, The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna