Elon Muskගේ Neuralink Microchip එක ප්‍රථම වරට සැබෑ මිනිස් මොළයක් හා සම්බන්ධ කරයි

ප්‍රථම වරට මෙය මිනිස් මොළයක් හා සම්බන්ධ කරනු ලැබූ බව Elon Musk විසින් X සටහනක් තබමින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

Elon Muskගේ Neuralink Microchip එක ප්‍රථම වරට සැබෑ මිනිස් මොළයක් හා සම්බන්ධ කරයි

මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර Elon Musk විසින් නිපදිවිමට සුදානම් වෙන Neuralink නම් Chip එකක් පිළිබඳ අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ Chip එක මගින් සෘජුවම මොළය වෙත Music Stream කිරීමේ හැකියාව ලැබෙන බවත් සදහන් වු අතර මෙය Brain Computer Interface නමින් හැඳින්වෙන අනාගත පරම්පරාවට අයත් පරිගණක මෙවලමක් වෙනවා.

ඒ වගේම මේ මොළයේ තැන්පත් කරන Neuralink Chip එක ඔස්සේ ශරීරයේ හොමෝන මට්ටම් අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වෙන අතර මේ හැකියාව නිසා මානව හැකියාවන් වර්ධනය කිරීමට මෙන්ම සාංකාව ආදියෙන් සහනය ලැබීමට ඉදිරි අනාගතයේදි හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මොවුන්ගේ පර්‍යේෂණ කටයුතු වේගවත් කර් ගැනීම සඳහා පර්‍යේෂකයන් රැසක් අලුතෙන් මෙම සමාගමට බඳවා ගෙන තිබෙනවා. එමෙන්ම මෙම පර්‍යේෂණ කටයුතු වලදී ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ, මිනිස් මොළය මඟින් මේ හරහා මූසිකයක් සහ යතුරුපුවරුවක් ක්‍රියා පාලනය කරවීමයි.

මෙහි සැබෑ මානව අත්හදා බැලීම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවත් අප ඔබට තොරතුරු ගෙන ආවා. ඒ ආකාරයෙන් ප්‍රථම වරට මෙය මිනිස් මොළයක් හා සම්බන්ධ කරනු ලැබූ බව Elon Musk විසින් X සටහනක් තබමින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

ඉහත X සටහනට අනුව පෙනී යන්නේ එම ශල්‍යකර්මය සාර්ථක බවත් මූලික මට්ටමේ Neuron Spikes පිළිබඳව මේ හරහා තොරතුරු ලැබෙන බවත්ය. පළමු මානව පරීක්ෂකයා සම්පූර්නයෙන්ම ඉතා හොඳින් යථා තත්ත්වයට පත් වී Neuralink එහි කාර්යය ඉටු කරන්නේ නම්, මේ තුළින් වර්තමාන තාක්ෂණය නවමු මානයකට හැරෙනු ඇත.

මේ Neuralink ව්‍යාපෘතියේ නවතම තොරතුරු ලද සැණින් දැනගැනිම සඳහා Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: Elon Musk on X

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna