අලි අනතුරු වලක්වා ගැනීම සඳහා හඳුන්වා දෙන නවතම App එක - Elephant Journey

මේ App එක ඔස්සේ ඕනෑම අයෙකුට ප්‍රධාන වශයෙන්ම අලි ගැවසෙන ස්ථාන සහ ඒ ස්ථාන පිළිබඳව දැනුම් දීමේ හැකියාව හිමි වෙනවා. ඒ වගේම මේ App එක ඔස්සේ තුවාල වු අලි, අලි මරණ, අනවසර කැලෑ එලිපෙහෙළි කිරීම් සහ වනජීවී අපරාද පිළිබඳවත් දැනුම් දිමේ හැකියාව ලැබෙනවා.

අලි අනතුරු වලක්වා ගැනීම සඳහා හඳුන්වා දෙන නවතම App එක - Elephant Journey

මේ දවස්වල Social Mediaවල වැඩිපුර කතා බහට ලක් වෙන දෙයක් තමයි අලි. අලින්ගෙන් මිනිසුන්ට සිදු වන අනතුරු මෙන්ම, මිනිසුන්ගෙන් අලින්ට සිදු වන අනතුරු අවම කිරීම සඳහා Elephant Journey සංවිධානය විසින් App එකක් හඳුන්වා දී තිබෙනවා. මේ App එකේ නමත් Elephant Journey.


මේ App එක ඔස්සේ ඕනෑම අයෙකුට ප්‍රධාන වශයෙන්ම අලි ගැවසෙන ස්ථාන සහ ඒ ස්ථාන පිළිබඳව දැනුම් දීමේ හැකියාව හිමි වෙනවා. ඒ වගේම මේ App එක ඔස්සේ තුවාල වු අලි, අලි මරණ, අනවසර කැලෑ එලිපෙහෙළි කිරීම් සහ වනජීවී අපරාද පිළිබඳවත් දැනුම් දිමේ හැකියාව ලැබෙනවා. මෙලෙස ඔබ විසින් මේ App එක ඔස්සේ ලබා දෙන සෑම දැනුම් දීමක්ම මේ App එක ඔස්සේ ලබා දෙන සිතියම තුළ ලකුණු වීම සිදු වනු ලබනවා.

මේ App එක ඔස්සේ අලින්ගෙන් මිනිසුන්ට සිදු වන අනතුරු වලක්වා ගැනීම සඳහා ඔබ සිටින ස්ථානය සිට කිලෝමීටර 5ක සීමාව තුළින් අලි සිටින බවට යම් අයෙකු විසින් දැනුම් දීමත් සිදු කළහොත් මේ App එක ඔස්සේ ඔබට මේ බව දැනුම් දීමටත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම ඔබ විසින් මේ App ඔස්සේ ලබා දෙන සිතියමේ ඔබගේ රැකියා ස්ථානය හෝ ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම ස්ථානයක් ලකුණු කිරීම මගින් ද ඒ අවට අලි සිටින බවට දැනුම් දීමක් සිදු වුවහොත් ඒ බවත් මේ App එක ඔස්සේ ලබා දී ඇති Routine Alert සේවාව ඔස්සේ ඔබට දැනුම් දීමටත් කටයුතු කරනු ලබනවා.

Elephant Journey App එක සඳහා දැනුම් දීම් ලබා දෙන්න නම් මේ සඳහා Register වීම අවශ්‍ය වනවා. මේ සඳහා Google Signup මගින් ඉතා පහසුවෙන් Register වීමේ සහ Login වීමේ හැකියාව ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ App එක සඳහා ලබා දුන් දැනුම් දීම් ලබා ගැනීමට නම් මෙලෙස Register වීම අත්‍යවශය නොවනවා.

එමෙන්ම අනවසර කැලෑ එලිපෙහෙළි කිරීම් සහ වනජීවී අපරාද පිළිබඳව වාර්තා කිරීමට නම් ඔබගේ Profile එක Verified විය යුතු අතර, ඒ සඳහා ඔබගේ ජාතික හැදුනුම්පතේ ඡායාරෑපයන් යොමු කිරීම මගින් Verified කර ගත හැකි වනවා. එමෙන්ම මේ වාර්තා කිරීම් සඳහා ඡායාරෑප අමුණා එවීමත් අනිවාර්යය වනවා. මේ ඔස්සේ ව්‍යාජ තොරතුරු මේ App එක සඳහා ඇතුළත් වීම වැලක්වා ගත හැකි බවත්, මෙලෙස ඔබ ලබා දෙන තොරතුරු, ඡායාරෑප සහ ඔබගේ දත්ත කිසිවක් වෙනත් තුන්වන පාර්ශවයක් වෙත ලබා දීමක් සිදු නොවන බවත් Elephant Journey කණ්ඩායම විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා.


මේ වන විටත් මේ App එක Play Store ඔස්සේ නොමිලයේ Download කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර මේ පිළිබඳව වැඩි දුර විස්තර අවශ්‍ය නම් Elephant Journey Facebook පිටුව ඔස්සේ එම තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna