Telegramහි සක්‍රීය පරිශීලකයන් මිලියන 700 ඉක්මවීමත් සමඟ Premium පහසුකම ඩොලර් 4.99ක​ට අද සිට

Telegramහි සක්‍රීය පරිශීලකයන් මිලියන 700 ඉක්මවීමත් සමඟ Premium පහසුකම ඩොලර් 4.99ක​ට අද සිට

2022 දී, Telegram හි මිලියන 700කට අධික Monthly Active Users ප්‍රමාණයක් සමඟ, ලොව වැඩියෙන්ම බාගත කළ App 5න් එකක් බවට පත් වී තිබෙනවා. Telegram කිසි දිනෙක එහි App එක ප්‍රචාරණය කිරීමට මුදල් ගෙවීම් කර නැහැ, මෙම වර්ධනය වීම සම්පූර්ණයෙන්ම පුද්ගලික යොමු කිරීම් හේතුවෙන් සිදු වී ඇත.

මෙලෙස විශාල වේගයකින් Telegram වර්ධනය වීමත් සමඟ පරිශීලකයින් Telegram කාර්ය මණ්ඩලයට සහාය වීමට පරිශීලකයින් ද කැමැත්තක් පෙන්වා ඇත. Telegram විසින් අද Telegram Premium Launch කර ඇති අතර, මෙහි අමතර පහසුකම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. Telegram Premium හි ඇතුළත් වෙන කරුණු ගැන දැන් බලමු.

Telegram Premium

Telegram Premium Subscription එක ලබා ගැනීමෙන් Doubled Limits, 4 GB File Uploads, Faster Downloads, Exclusive Stickers, and Reactions, Improved Chat Management වැනි විශේෂාංග බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා.

⭐️ 4 GB Uploads

ඕනෑම පරිශීලකයෙකුට large files සහ media upload කළ හැකි අතර, එක් එක් ප්‍රමාණයෙන් 2 GB දක්වා, සහ නොමිලේ Telegram unlimited cloud storage  එක පාවිච්චි කරන්න පුළුවන්. Telegram Premium සමඟින්, පරිශීලකයෙකුට දැන් 4 GB files යැවීමට හැකි වෙනවා. එමෙන්ම, පැය 4 ක 1080p video සඳහා හා දින 18 ක high-quality audio යැවීමට හැකි වෙනවා.

⭐️ Faster Downloads

Premium Subscribers ලට Media and Files ඔයාගේ Network එකේ උපරිම වේගයෙන් Download කරගන්න හැකියාව ලැබෙනවා.

⭐️ Doubled Limits

Premium users ලට App එකේ සෑම දෙයක් සඳහාම වැඩි සීමාවන් ලබා ගනී. Premium සමඟින්, ඔයාට Channel 1000ක් දක්වා Follow කරන්න පුළුවන්, Chat Folder 20ක් දක්වා Chats 200ක් තියාගන්න හැකියාව ලැබෙනවා, ඕනෑම Telegram App එකක හතරවන Account එකක් එකතු කරගන්න වගේම, Chats 10ක් Pin කරගන්න, favorite stickers 10ක් දක්වා Save කරගන්න පුළුවන්.

ඔයාට දිගු bio ලබාගන්න හැකි වෙනවා, ඒ වගේම් ඒකට Link Add කරගන්නත් පුළුවන්. Message වලට Reply කරන්න favorite GIF 400ක් දක්වා ලබා දෙනවා. Premium පරිශීලකයින්ට ඔයාල හදන Channels, Groups වලට t.me Link 20ක් ලබා ගන්න පුළුවන්.

⭐️ Voice-to-Text

ඔයාට අහන්න අවශ්‍ය නැති, නමුත් එය කියන දේ බැලීමට අවශ්‍ය නම් ඒ වගේ අවස්ථා සඳහා Voice-to-Text බවට පරිවර්තනය කළ හැක. ඔයාට මේ පහසුකම වැඩිදියුණු කිරීමට උපකාර කරන්නත් පුළුවන්.

⭐️ Unique Stickers

Stickers බොහෝ ප්‍රමාණයකට full-screen animations ලබා දී තිබෙනවා. ඒ වගේම මේ premium sticker collection එක මාසයෙන් මාසයට update වෙනවා.

⭐️ Unique Reactions

Premium users ලට Messages වලට react කරන්න සාමාන්‍ය users ලට ලබා දීලා තියෙන Emoji වලට අමතරව Emoji 10 ක් Add වෙනවා.

⭐️ Chat Management

මේක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්, Telegram Premium හි ඔයාගේ Chat එක organize කරගන්න tools කීපයක්ම ලබා දීලා තියෙනවා.

⭐️ Animated Profile Pictures

Premium Users ලට Profile Videos Add කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම Profile Videos, Chat එකේදී වගේම Chat List එකේදිත් Animate වෙනවා.

⭐️ Premium Badges

සියලුම premium users ලට විශේෂ badge එකක් ලැබෙනවා, ඒක පෙන්නන්නේ ඔයාගේ නමට කෙලවරෙන්. chat list, chat headers, වගේම member lists එකේදිත් මේ badge එක පෙන්නනවා.

⭐️ Premium App Icons

Premium Users ලට Home Screen එකට ගැලපෙන පරිදි වෙනස් කරගත හැකි නව icons කීපයක්  Telegram විසින් එකතු කරලා තියෙනවා. මෙම icons වල premium star, night sky, සහ turbo-plane තිබෙන icon ඇතුළත් වෙනවා.

⭐️ No Ads

සමහර රටවල, Sponsored Messages Public Groups සහ Channels වල ඔයාට දකින්න පුළුවන්. ඒ උනාට ඔයා Premium User කෙනෙක් නම් Sponsored Messages  ඔයාට පෙන්නන්නේ නෑ.

මේත් සමඟම Free Users ලට Telegram අලුත්ම Update එකත් සමඟ ලැබෙන පහසුකම් කීපයකි.

Join Requests for Public Groups

Public groups වලට join වීමේදී requests කරන්නට අවස්ථාව දීම. මෙහිදී Admin කෙනෙකු විසින් requests approve කලාට පස්සේ තමයි group එකට එකතු වෙන්න ලැබෙන්නේ. Admin කෙනෙක් නම් ඔයාට requests review කරන්න අවස්ථාව ලැබෙනවා. තමන්ගේ Group වලට Fake Profile වලින් ඉන්න අය එනවට කැමති නැති අයට මේක ගොඩක් වැදගත් වේවි.

Verification Badges in Chats

තහවුරු කරන ලද මූලාශ්‍රයකින් පණිවිඩ එන බව Users ලට Group, Channel වගේම Bot ට verification badge එක ලැබෙනවා. Profiles, Search Results සහ Chat list එකේදීත් මේ verification badge එක පෙන්නුම් කරනවා.  

Better Bots

Telegram හි ඇති Bots ඔයාට quizzes ලබා ගැනීමට, accept payments සහ සම්පූර්ණ websites replace කිරීමට පවා උපකාර වෙනවා. Bot developers ලට දැන් “What can this bot do?” bot තුළ Photos හෝ Videos ඇතුළත් කරන්න පුළුවන්.

Improved Chat Previews on Android

මෙම Update එක iOS හා සමානව වැඩිදියුණු කළ Chat Previews එකක් ලබා දෙයි. දැන් ඔබට chat එක read කරා කියල පෙනන්නේ නැතුව මුළු Chat එකම බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔබට chat, mark the chat as read කිරීමට, Mute කිරීමට, Pin කිරීමට හෝ Delete කරන්න අලුත් buttons Add කර තිබෙනවා.

Automatic Saving to Gallery on Android

Automatically Gallery වෙත Media Files Save කරගැනීමේ නව මුහුණුවරකින් නැවත ලබා දීලා තියෙනවා. Media Files Save දැන් Users, Groups හෝ Channel සමඟ Chats සඳහා වෙන වෙනම සක්‍රීය කර අක්‍රිය කරන්නත් හැකියාව අපට ලැබෙනවා.

Improved External Sharing on iOS

iOS මත වැඩිදියුණු කළ 2 GB (හෝ 4 GB) දක්වා ගොනු යැවීමේ හැකියාව සමඟින්, Users ලට ඕනෑම වෙනත් App එකකින් සෘජුවම Telegram වෙත large media items පහසුවෙන් Share කරගන්න හැකියාව ලැබෙනවා. මෙය කාලය වගේම storage space යන දෙකම ඉතිරි කරගන්න පුළුවන්.

Animated Profile Picture Creator on macOS

macOS Users ලට දැන් custom profile picture එකක් generate කරගන්න පුළුවන්. ඕනෙම sticker එකක් හරි animated emoji එකක් තෝරා ගන්න, සහ colourful gradient background එකක් එක් කරන්න. ඔබට ඔබේම profile picture එකක් හෝ Group හෝ Channel picture එකක් මේ විදියට හදා ගන්න පුළුවන්.

ඉතිං ඔයාලත් Telegram Premium Subscription එක අරගෙන බලන්න මාසයකට $4.99ක් තමයි වැය වෙන්නේ.

සැ.යු. ඇතැම් Android දුරකතන සඳහා වන Telegram සඳ​හා මෙම අගය ඩොලර් 3.99ක් ලෙසද, iOS සඳහා වන අග​ය ඩොලර් 4.99ක් ලෙසද සඳහන් වේ.

Sources: Telegram

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna