Snapdragon 898 Chipset එක සමඟ 65W charging සහ 4500mAh+ batteries යෙදීම සම්මතයක් විය හැකි බවට තොරතුරු වාර්තා වේ

Snapdragon 898 Chipset එක සමඟ 65W charging සහ 4500mAh+ batteries යෙදීම සම්මතයක් විය හැකි බවට තොරතුරු වාර්තා වේ

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Flagship Smart Phones සඳහා බොහෝමයක් Smart Phone නිශ්පාදකයින් විසින් Snapdragon 898 (Snapdragon 8 Gen 1) Chipset එක සමඟ 65W charging සහ 4500mAh+ batteries යෙදීම සම්මතයක් බවට පත්වන බවට දැන් මත පළවනවා.

Leaker කෙනෙකු වන Digital Chat Station විසින් මේ බව Webio Post එකකින් පවසා තිබෙනවා.

කෙසේ නමුත් OPPO, Realme, OnePlus වැනි සමාගම් තමන්ගේ Midrange Devices වලට පවා 65W Charging ලබා දීමට ආරම්භ කර තිබෙන නිසා එය පුදුමයට කරුණකුත් නොවෙයි. ඊටත් අමතරව OPPO, Xiamoi වැනි සමාගම් 125W Charging සඳහා ද මේ වන විට අත්හදා බලමින් පවතිනවා.

4500mAh Battery පිළිබදව ගත් කල, එය සැබවින්ම අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. මන්දයත් ඒ ඉදිරියේදී පැමිණෙන බොහෝ Flagship වල Displays සඳහා  120GHz පමණ Displays යොදා ගන්නා නිසා ඒවා Smooth ව වැඩ කිරීම සඳහා ඉතා වැඩි බලයක් Battery එකෙන් අවශ්‍ය වන බැවින්.

මෙම Snapdragon 898 Chipset එක 3.0GHz හිදී ධාවනය වන Prime ARM Cortex-X2 CPU core එකක්, 2.5GHz වලදී Cortex-A710 පදනම් වූ Mid Core තුනක් සහ 1.79GHz දී ධාවනය වන කාර්යක්ෂම Cortex-A510 ලෙස මධ්‍ය හතරකින් සමන්විත වේ. ඒවා නිෂ්පාදනය කිරීමේදී Samsung හි 4nm ක්‍රියාවලිය භාවිතා කරනු ඇත.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara