24GB RAM එකකින් යුතු Smartphone නුදුරේදීම වෙළෙඳපොළට ?

වර්තමානයේ වන විට සෑම Smart Phone නිෂ්පාදකයෙකු මෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා 4GB සිට 16GB දක්වා RAM ධාරිතාවයන් ලබා දෙමින් සිටිනවා.

24GB RAM එකකින් යුතු Smartphone නුදුරේදීම වෙළෙඳපොළට ?

වර්තමානය වන විට සෑම Smartphone නිෂ්පාදකයෙකු මෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා 4GB සිට 16GB දක්වා RAM ධාරිතාවයන් ලබා දෙමින් සිටිනවා. ඒ අනුව Entry Level Smartphones සඳහා බොහෝ විට 4GB RAM ධාරිතාවයකුත් High End Smartphones සඳහා 16GB දක්වා වු RAM ධාරිතාවයනුත් ඒ ඒ නිෂ්පාදකයින් ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් Apple සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන iPhone පිළිබඳව සැළකිමේදී ඔවුන්ගේ Software Optimization නිසා මේ කාරණය තරමක් දුරට වෙනස් වනු ලබනවා. මෑතකදී නිකුත් වු Apple iPhone 14 Pro සඳහා මොවුන් ලබා දී තිබෙන්නේ 6GB RAM එකකුයි.


මේ වන විට වෙළෙඳපොළ ජනප්‍රිය Smartphone Brands කිහිපයකම High End Devicesවල RAM ධාරිතාවයන් පහත පරිදි දක්වන්න පුලුවන්.

• Samsung Galaxy S23 Ultra - 12GB
• Huawei P60 Pro - 12GB
• Xiaomi 13 - 12GB
• OnePlus 11 - 16GB
• OPPO Find X Pro - 12GB

මෙලෙස මේ වන විට බොහෝ සමාගම් තමන්ගේ High End Smart Phones සඳහා 12GB ධාරිතාවයෙන් යුතු RAM යොදා ගනු ලබන අතර Gaming Smartphone එකක් වන REDMAGIC 7 Pro සඳහා 18GB RAM ධාරිතාවයක් ලබා දී තිබෙනවා. මෙය මේ වන විට වෙළෙඳපොළට නිකුත් වි ඇති ඉහළම RAM ධාරිතවයෙන් යුතු Smartphone එකත් වනවා.

අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඉදිරියේදි අපට 24GB RAM ධාරිතාවයෙන් යුතු Smartphones වෙළෙඳපොළ සඳහා නිකුත් වීම බලාපොරොත්තු විය හැකි වනවා. මේ තොරතුරුවලට අනුව බොහෝ විට OnePlus, OPPO හෝ Realme Brand එකේ Smartphone එකක් මෙලෙස 24GB RAM එකක් සහිතව නිකුත් වීමේ ඉඩකඩ තිබෙනවා.

Image Source - Androidauthority.com

මෙලෙස RAM ධාරිතාවය වැඩි වීම ඔස්සේ Smartphone එක මගින් Multitasking හැකියාව වැඩි වීම, Browser Tab වැඩි සංඛ්‍යාවක කටයුතු කිරීමට හැකි වීම, Adavance Feature ලබා දීමේ කිරිමේ හැකියාව සහ තවත් බොහෝ වාසි ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් වර්තමානයේ භාවිත වන 12GB හෝ 16GB RAM ධාරිතාවයන් සමඟින් 24GB RAM ධාරිතාවය සංසන්දනය කිරිමේදී එවැනි RAM ධාරිතාවයක් සැබවින්ම Smartphone එකකට අවශ්‍ය වේදැයි ඔබ සියල්ලන්ටම ගැටලුවක් ඇති වන බව නිසකයි. එමෙන්ම මෙය එම Smartphone එකේ මිල තවත් ඉහළ යාමට හේතු වීමක්ද වනු ඇත.

Sources: Weibo Androidauthority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna