තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා තියෙන Android Smartphone එක කොටස්වලට හෝ අලෙවි කරන එකට අමතරව කරන්න පුලුවන් දේවල් මොනවද කියලා අද අපි බලමු. කරන්න පුලුවන් දේවල් එකක් නෙවේ, දේවල් 10ක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා.

01 Storage Device එකක් විදිහට භාවිත කරමු.

මේ විදිහට ඔයා භාවිතයෙන් ඉවත දාලා තියෙන Android Smartphone එකෙන් කරන්න පුලුවන් එක දෙයක් තමයි ඒ Smartphone එක Storage Device එකක් විදිහට භාවිත කරන එක.

ඉතින් මේ විදිහේ පරණ Smartphone එකක් තියෙනවා නම් ඒක බොහෝ විට 16GB හෝ 32GB පමණ Storage එකකට හිමිකම් තියනවා. ඉතින් මේ Smartphone එකේ SD Card Slot එකක් තියෙනවා නම් අපිට ඒ ඔස්සෙත් තවත් Storage එක වැඩි කර ගන්න පුලුවන්.

මොකද USB Pen එකක් හෝ External Hard Drive එකක් ගන්නවට වඩා මේ ක්‍රමයට ඔයාගේ පරණ Android Smartphone එක Storage Device එකක් බවට පත් කර ගන්න පුලුවන්. ඒ වගේම මේ ඔස්සේ ඔයාට ඕනැම වේලාවක Storage කරලා තියෙන්නේ මොනවද කියන එකත් පරිගණකයකට සම්බන්ධ කිරීමෙන් තොරව බලා ගන්න පුලුවන්. ඒ වගේ මේ පරණ Smartphone එකේ Wi-Fi හෝ Bluetooth තවමත් ක්‍රියාත්මත වෙනවා නම් ඔයාට ඒ ඔස්සෙත් File Share කිරීමේ හැකියාව ලැබෙනවා.

ඉතින් මේ විදිහට ඔයාට ඔයාගේ පරණ Android Smartphone එක Storage Device එකක් විදිහට භාවිත කරන්න පුලුවන්.

02 Mini Smart Speaker එකක් විදිහට භාවිත කරමු.

ඉතින් ඔයාගේ පරණ Smartphone එකට Google Assistant Support කරනවා නම් ඔයාට ඒක Mini Smart Speaker එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්. මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ Google Assistant ට ලබා දී තිබෙන Feature එකක් වන hands-free features එක සක්‍රිය කර ගැනීම පමණයි. මේ ඔස්සේ Smartphone එක Lock අවස්ථාවක වුවද අපට Google Assistant භාවිත කළ හැකියි.

ඉතින් ඔයා ගාව Bluetooth Speaker එකක් එහෙමත් තියෙනවා නම් මේ පරණ Smartphone එක භාවිතයෙන් හොද ශබ්දයක් සහිත Smart Speaker එකක් නිර්මාණය කර ගන්න පුලුවන්.

03 කුඩා ළමයින්ට දෙමු.

ලංකාව වගේ රටකට නම් ගැලපෙනම විසදුමක් ලෙස මෙය කියන්න පුලුවන්. අලුත් Smartphoneවල මිලත් එක්ක ඔයාගේ පරණ Android Smartphone එක කුඩා ළමයින්ට ලබා දෙන්න පුලුවන්. එ වගේම මේ පරණ Smartphone බොහෝමයකත් Kids Mode බලා ගන්න පුලුවන්. ඒ ඔස්සේ අපිට ඒ Smartphone එක Manage කර ගන්න පුලුවන් ළමයාට ගැලෙපන විදිහට.

මේ විදිහේ Feature එකක් සපයලා නැති නම් Kids Mode ලබා ගන්න පුලුවන් App රැසක් මේ වෙනකොට තියෙනවා. ඒ App එකක් ඔස්සෙත් ළමයාට ගැලෙපන විදිහට Smartphone එක Manage කරන්න පුලුවන්.

ඒ වගේම මේ පරණ Android Smartphone එක කුඩා ළමයින්ට හොද Camera එකක් විදිහටත් භාවිත කරන්න පුලුවන්.

04 Universal Remote එකක් විදිහට භාවිත කරමු.

ගොඩක් පරණ Android Smartphonesවල IR blaster එකක් තියෙනවා ඔයා දැකලා ඇති. ඉතින් ඔයාගේ පරණ Android Smartphone එකෙත් මේ IR Blaster එකක් තියෙනවා නම් ඔයාට ඔයාගේ Smartphone එක TV Remote එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.

ඒ වගේම TV Remote එකෙන් එහාට Home Theater Systemවලට, ACවලට, Fanවලට සහ තවත් බොහෝ උපාංග සඳහා Remote එකක් විදිහට මෙය ඔයාට භාවිත කරන්න පුලුවන්.

05 Car Multimedia System එකට යොදා ගමු.

ඔයාගේ වාහනේ Touchscreen එකක් තියෙන Multimedia System එකක් නැති නම් ඒ සඳහා හොදම විසදුම තමයි ඔයාගේ පරණ Android Smartphone එක. මෙය ඒ Multimedia System එකට සම්බන්ධ කිරීම තුළින් Android Auto, Google Maps සහ Spotify ආදි පහසුකම් ඔබට කිසිදු වියදමකින් තොරව අත්විදින්න පුලුවන්.

06 පාපැදිය සඳහාත් Multimedia System එකක්.

ඔයත් නිතරම පාපැදියෙන් ගමන් බිමන් යන කෙනෙක් නම් ඔබටත් ඔබගේ පරණ Android Smartphone එක මගින් පාපැදි ගමන්වලදීම Android Auto අත්දැකීමක් ලබා ගත හැකියි. මේ ඔස්සේ ඔබට Google Maps සහ Spotify ආදි පහසුකම් ඔබට කිසිදු වියදමකින් තොරව අත්විදින්න පුලුවන්.

07 මුලුතැන් ගෙයත් Smart කර ගමු.

ඔබ කෑම හදන්න කැමත් කෙනෙක් නම් YouTube Videos නරඹමින් ඒ කෑම වර්ග සෑදීමට උත්සාහ කරන බව නිකසයි. ඒ සඳහා ඔබේ Primary Device එක වෙනුවට ඔබ සතුව පරණ Android Smartphone එකක් ඇති නම් එය භාවිත කළ හැකියි.

මෙය ස්ථිරවම Phone Holder එකක් භාවිතයෙන් ඔබගේ Kitchen එකේ තැබිය හැකි වන අතර ඒ ඔස්සේ ඔබට කිසිදු ගැටලුවකින් තොරව කෑම වර්ග සැදීමේදී YouTube videos නැරඹිය හැකි වනවා.

එමෙන්ම ඔබ Kitchen එකේ සිටින විට ඔබට මේ Smartphone එක Smart Mini Speaker එකක් ලෙසද භාවිත කළ හැකියි.

08 High Quality Webcam එකක් කරමු.

ඔබ පරිගණකයක් භාවිත කරනවා නම් වර්තමානය වන විට අපිට බොහෝ විට Web Camera එකක් අපගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා අවශ්‍ය වනවා. නමුත් අඩු මුදලට වෙළදපොල පවතින Web camerasවල ගැටලුව වන්නේ ඒවාගේ Camera Quality එත ඉතාමත් අඩු තත්වයේ පැවතීමයි.

නමුත් ඔබ සතුව පවතින පරණ Android Smartphone එක Web Camera එකක් ලෙස භාවිත කළ හැකි බව ඔබ දන්නවා ද ? එලෙස භාවිත කිරීම තුළින් ඔබට ඉතාමත් ගුණාත්මක තත්වයේ Web Camera එකක් බවට පත් කර ගත හැකියි.

මේ සඳහා සරලව USB Cable එකක් මගින් හෝ මේ සඳහා පවතින වෙනත් App ඔස්සේ ඔබගේ Smartphone එක හොද Web Camera එකක් බවට ඔබට පත් කර ගත හැකියි.

09 High Quality Smart Security Camera එකක් කරමු.

ඔබගේ පරණ Android Smartphone එක හොද Security Camera එකක තිබිය යුතු සියලු සුදුසුකම්වලින් සම්පුර්ණ බව ඔබ දන්නවාද?

Smart Security Cameras ඉතා මිල අදික වන අතර ඔබට ඒ වෙනුවට ඔබගේ පරණ Smartphone එක භාවිත කළ හැකියි.

10 Digital Picture Frame එකක්, Digital Calendar එකක් කරමු.

ඔයා ගාව තියෙන පරණ Android Smartphone එක හෝ Tablet එක ඉහත අපි කියපු කිසිම දේකට භාවිත කරන්න බැරි තරමට Slow ද ? එහෙනම් ඒ වගේ Devicesවලින් අපිට කරන්න පුලුවන් දෙයක් තමයි මේ.

ඔයාට පුලුවන් ඒ Smartphone එත හෝ Tablet එක Picture Frame එකක් හෝ Calendar එකක් ලෙස භාවිත කරන්න. ඔබ ගාව Tablet එකක් තියෙනවා නම් එය digital photo frame සඳහා සුදුසුම වනවා. මේ ඔස්සේ ඔබට අවශ්‍ය ඡායාරුප Slide Show එකක් ලෙස දර්ශනය කරන්න පුලුවන්. නැති නම් Digital Calendar එකක් ලෙසත් ඔබට එදිනෙදා වැඩ කටයුතු කළමණාකරනය කර ගන්න භාවිත කළ හැකියි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara