නෙළුම් කුළුණ මේ වසරේ දෙසැම්බර් මස සිට සන්නිවේදන කටයුතු සඳහා විවෘත කිරීමට කටයුතු සූදානම් කරයි

නෙළුම් කුළුණ මේ වසරේ දෙසැම්බර් මස සිට සන්නිවේදන කටයුතු සඳහා විවෘත කිරීමට කටයුතු සූදානම් කරයි

ශ්‍රී ලාංකිය සන්නිවේදන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වෙන නෙලුම් කුළුණ මේ වසර අවසානයේ දි  සන්නිවේදන ක්ෂේත්‍රය සදහා විවෘත කිරිමට නියමිත වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ උසම කුළුණ වෙනවා.

මීටර් 350ක් පමණ උසකින් යුතු මෙම කුළුණේ පළමු මහලේ වර්ග අඩි 10,000 ප්‍රමාණයක් පුරා තාක්ෂණික නවෝත්පාදන, 5G යෙදුම් හා යොදා ගැනිම් ආදිය ප්‍රදර්ශනය කිරිම සදහා වෙන් කර තිබෙනවා. එමෙන්ම මෙම කලාපය තුල ශ්‍රී ලාංකිය සන්නිවේදන ක්ෂේත්‍රයේ නියලෙන ආයතනවලට ඔවුන්ගේ හැකියාවන් හා තාක්ෂණය ආදර්ශනය කිරිමේ ඉඩ කඩත් ලැබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඕෂධ සේනානායක මහතා විසින් මේ පිළිබඳව වැඩි දුරටක් පවසා සිටියේ නෙළුම් කුළුණ E Sport සදහා නිවහනක් වෙන අතර මේ කුළුණ මගින් ඉතා ප්‍රශස්ත  මට්ටමේ සන්නිවේදන සේවාවක් ශ්‍රී ලාංකිය ප්‍රජාව වෙත සැපයිමට හැකි වෙනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දේශිය හා විදේශීය සමාගම් විසින් ඔවුන්ගේ සේවාවන් හා නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුල දියත් කිරිමේ දි ඒ සදහා සේවා මධ්‍යස්ථානයක් ලෙසත් මෙය යොදා ගැනිමට නියමිත වෙනවා.

Source : Sunday Times

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna