ඔබගේ Android ජංගම දුරකතනයටත් GCam දාන්න පුළුවන්ද?

ඔබගේ Android ජංගම දුරකතනයටත් GCam දාන්න පුළුවන්ද?

GCam (Google Camera) කියන්නේ Google සමාගම විසින් Pixel Phone එකට Develop කරපු Camera App එක. ඉතින් ඒකෙ තියෙන විශේෂත්වෙ මොකක්ද? GCam තියෙන විශේෂත්වය තමයි සුපිරි Image Processing Algorithm ඒක කොච්චර සුපිරිද කියන්වන්ම් අනික් Brands Camera දෙක තුන පාවිච්චි කරපු කාලෙ Google සමාගම 2019 දි Release කරපු Google Pixel 3a XL එකට වෙනකන් ඒ ඔක්කොම වැඩ ටික දැම්මේ Single Camera එකකින්. තව මේකේ 360 Photo, Astrophotography සහ හිතාගන්නවත් බැරි විදියෙ preformance එකක් දෙන Night Mode එකක් ඇතුළුව පහසුකම් ගොඩක් ඇතුලත් වෙනවා.

මොනාද මේ GCam Mods? ඒක ඕනෙම Android Phone එකකට දාන්න පුලුවන්ද?

Orginal GCam එක පාවිච්චි කරන්න පුලුවන් Google Pixel Phone වලට විතරයි, ඉතින් එතනදි වෙනත් App Developers ලා Orginal GCam එක අරන් වෙනත් Android Phone වලට දාන්න පුලුවන් විදියට Modify කරනවා, ඒකට තමයි GCam Mod එකක් කියන්නේ. තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. Gcam Mod Open Source නෙවෙයි ඒක නිසා ඒක කොයිතරම් ආරක්ෂිතද කියන එක ගැන වගකීමක් මට ගන්න බෑ.

ඊලග එක තමයි GCam Mods ඕනෙම Android Phone එකකට දාන්න පුලුවන්ද කියන එක, කෙලින්ම කිව්වොත් ඕනෙම එකකට සාමාන්‍ය භාවිතයෙදි දාන්න බෑ(root කරොත් සමහර විට පුලුවන්. ඒත් ගැලපෙනන Mod එකක් හොයාගන්න ඔනේ). Gcam Install කරලා හරියට වැඩ ගන්න නම් Phone එකේ Camera2api Enable වෙලා තියෙන්න ඔනේ. Xiaomi, Realme, OnePlus කියන Brands වල බහුතරයක් Phone වල Camera2api Enable කරල එවන්නේ. ඉතින් ඔයාගෙ phone එකෙත් Camera2api Enable ද කියල මේ ඇප් එකෙන් ලේසියෙන්ම බලාගන්න පුලුවන්.

ඉතින් ඊලඟට Phone එකට ගැලපෙන Gcam මොඩ් එක දාගන්න විදිය,ඒක ඔයාලට ලේසියෙන්ම මේ ලින්ක් එකට ගිහින් තමන්ගේ phone එකට ගැලපෙන Gcam Apk Download කරගන්න පුලුවන්. එහෙමත් නැතනම් Google Search කරලා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ආපහු හම්බවෙමු.

Read more

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

Google Pixel 9 මාදිලියේ ජංගම දුරකතන වල ඡායාරූප අන්තර්ජාලය​ට

මෙම වසර අගෝස් තු මාසයේදී පමණ නිකුත් වීමට නියමිතව පවතින Google සමාගමේ Pixel 9 Series එකේ Real-life images මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මේ Pixel 9

By Bhasura Nuwan Kularathna
ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

ජූනි මස ජනප්‍රිය video ක්‍රීඩාව - The Elder Scrolls Online: Gold Road

මේ මාසෙ ඉදං ඔයාලට article series එකක් බලාගන්න පුළුවන්. හැම මාසෙකම පළවෙනි සතියේ ඊට කළිං මාසෙ top rated and popular game එක ගැන article එකකින් දැන ගන්න පුළුවන්. අද මේ ඒ series

By Kusal Dissanayaka
තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

තාමත් වැඩ කරන ඔයාගේ පරණ Android phone එකෙන් අද කාලේ කරන්න පුලුවන් වැඩ 10ක් මෙන්න

ඉතින් මේ වෙනකොට ඔයාගේ ගෙදරටත් බොහෝ විට දැන් වැඩකට ගන්නේ නැති පරණ Android Smartphone එකක් පැත්තකට දාලා තියෙන්න පුලුවන්. ඉතින් මේ විදිහට ඔයා පැත්තකට දාලා

By Bhasura Nuwan Kularathna